saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5274 hours ago

LATEST

ශ්‍රී ලංකාවේ ණය බර වෙනුවෙන් උදව් කරන්න කැමතියි - චීනය

calendar_today 2022 ජුනි 08 - 19:09 remove_red_eye - 957  

අනෙකුත් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ එක්ව ශ්‍රී ලංකාවට සිය ණය බර සමඟ කටයුතු කිරීමට උපකාර කිරීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජින් පැවැසීය.

ස්වාධීන, සාමකාමී, සමෘද්ධිමත් සහ සහයෝගී මධ්‍යම ආසියාවක් ගොඩනැගීම සඳහා අන්‍යෝන්‍ය ගෞරවය, යහපත් අසල්වැසි මිත්‍රත්වය, දුෂ්කර කාලවලදී සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ යන මූලධර්ම ආරක්ෂා කිරීමට රටවල් හය එකඟ වූ බව චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පාසල් සිසුන් 25 දෙනකු බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් අද (08දා) රෝහල්ගත කළ බව කිලිනොච්චිය පොලීසිය පැවසීය.

Read More

විදුලි බල අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා විදුලි ඉංජිනේරු සේවකයන් ඇතුළු සියලුම සේවකයන් වැඩ වර්ජනයකට එලැඹීමට තීරණය කර තිබේ.

Read More

පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය හා ධීවර වරායන් 22 ක විදුලිබල පද්ධතිවලට සූර්ය කෝෂ පද්ධති සවිකොට ඒ තුලින් විදුලිබලය පිරිමැසීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, ධීවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුලු නිලධාරීන්ට අද (08දා) අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදි උපදෙස් ලබා දී තිබේ.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයා හා ලේලිය ඇප මත නිදහස් කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් මහේෂිකා විජේතුංග මහත්මිය අද (08දා) නියෝග කළාය. මෙලෙස ඇප මත නිදහස් කෙරුණේ තංගල්ල හිටපු නගරාධිපති රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳයි.

Read More

බිත්තර වී වගා කරන ලද කුඹුරු සඳහා අවශ්‍ය රසායනික පොහොර නිකුත් කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම වන වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

Read More

හිටපු මුදල් අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව හෙට දිනයේදී බොහෝ විට ඔහු එම ධුරයෙන් ඉවත් වෙනු ඇතැයි වාර්තා වෙයි.

Read More

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු බහින් බස් විමක් දුර දිග යාමෙන් ඊයේ (07දා) රාත්‍රියේ ඇතිවු ගැටුමකදි තියුණු ආයුධයකින් පහර කෑ පුද්ගලයෙකු බරපතල තුවාල සහිතව රාගම අරෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇති බව රාගම පොලිසිය පවසයි.

Read More

මැයි 09 දා ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු 12ක් ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. එසේම ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද් ඇතුළු පුද්ගලයන් 4ක් යළිත් එළැඹෙන 15දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

Read More

කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන අධිකාරීවල නියාමන කටයුතු අවම කර කර්මාන්තකරුවන්ට වඩා වැඩි පහසුකම් සැලසීම රජයේ අපේක්ෂාව බව කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අබලි ලෝහ කර්මාන්තකරුවන් වෙනුවෙන් නිර්මාණය කළ metals.lk වෙබ් අඩවිය දියත්කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

Read More

මැයි 9දා කොළඹ ගෝල්ෆේස් පිටියේ හා අරලිය ගහ මන්දිරය අසළ සිදුවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට අදාළව හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වරෙන්තුවක් නිකුත් කළේය.

Read More

නාගරික ඉඩම් වගා කිරීමේ රජයේ වැඩපිලිවෙල යටතේ නාගරික සවංර්ධන අධිකාරියට අයත් අක්කර 782 ක් වගා කිරීම සඳහා හඳුනා ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

පොදු ප්‍රවාහන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවලින් ඩීසල් ලබාදීම අද (8දා) නැවතත් ආරම්භ කළේය. පෞද්ගලික බස් රථ, පාසල් සේවා රථ හා ගිලන්රථ යන සේවා සඳහා ලංගම ඩිපෝවලින් ඩීසල් ලබාගැනීමේ හැකියාව ඇත.

Read More

ගෝනවල පුදේශයේ අනවසරයෙන් බවුසරයක ඩීසල් හා පෙට්රල් තබා ගෙන සිටි රියදුරකු එම බවුසරයත් සමග ගෝනහේන විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (07දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත .

Read More

පාර්ලිමේන්තුව තුළ දුරකතන භාවිතය නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. මන්ත්‍රිවරු සභාව තුළ දුරකතන භාවිත කිරීම හේතුවෙන් සවන් ‌දීමක් සිදු නොකරන බවත් ඔහු පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය මාස හයකට පමණ පසු ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. බ්ලූම්බර්ගු පුවත් සේවය පෙන්වා දෙන්නේ ආසියාන නිෂ්කාශන සංගමයක් යටතේ ඉන්දියාවට ගෙවිය යුතු ගෙවීම් කල් දැමීම නිසා මෙසේ විනිමය සංචිතය ඉහළ ගොස් ඇති බවයි. මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, අප්‍රේල් මාසය අගදී ඩොලර් බිලියන 1.81 සිට මැයි අග වන විට ඩොලර් බිලියන 1.92 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Read More

විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පනවා ඇති සංචාරක තහනම් ඉවත් කිරීමට රජය මැදිහත් වන ලෙස බල කරමින් දෙදහසකට ආසන්න හෝටල් සේවකයන් පිරිසක් මහනුවර නගරයේ දී අද (08දා) මහනුවර නගරයේ දී උද්ඝෝෂණයක් පැවැත්විණි .

Read More

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව කථා කළ අයුරින්ම බටහිට රටවල් වැඩ කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා පැවැසීය.

Read More

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිල ඇදුමට සමාන ඇදුමින් නිවෙස් වලට ගොස් ඩෙංගු කීටයින් සිටින බවට නිවැසියන් බියගන්වා මුදල් අල්ලස් ලබාගන්නා වංචනික පිරිසක් පිළිබඳව වාද්දුව ප්‍රදේශයෙන් වාර්තාවේ.

Read More

සාමාන්‍ය පරිදි ඖෂධ ලැබීම සිදුවන්නේ අගෝස්තු මාසයේ සිට බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන්කරයි.

Read More

දකුණු කොරියාව බංකොලොත් තත්වයට පත්වූ අවස්ථාවේදි රට ගොඩ නැගීම වෙනුවෙන් එරට ජනතාව තමන්ගේ රත්රන් මහ බැංකුව දුන් දුන් බව හිටපු මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

විදුලි වෘත්තීය සමිති හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර හමුවක් අද පස්වරු 4.00ට පැවැත්වීමට නියමිතව තිබේ. මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා යෝජිත විදුලි බල සංශොධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරිමට තීරණය කළ හොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොගන්නා බව වෘත්තීය සමිති විසින් අමාත්‍යවරයට ප්‍රකාශ කිරීමට නියමිතය. යම් හෙයකින් හෙට දිනයේදී පනත ඉදිරිපත් කළහොත් අද රාත්‍රී 12 සිට වැඩ වර්ජනයකට යන බව ඔවුන් ප්‍රකාශ කරයි. කාංචන විජේ

Read More

නාවික හමුදාව මාරවිල ප්‍රදේශයේ සහ බටහිර මුහුදු ප්‍රදේශයේ ඊයේ (07දා) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 91 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

ප්‍රවීන ප්‍රවෘත්ති පත්‍ර ඡායාරූප ශිල්පී සේන විදානගම මහතා අද (08දා) අභාවප්‍රාතවී ඇති අතර අවසන් කටයුතු ජුනි 09 වන දින වැලිසර පොදු සුසාන භූමියේදී පස්වරු 6ට සිදුකෙරේ. ලේක් හවුස් ආයතනයේ සහ ප්‍රංශ පුවත් සේවයේ දශක ගනනාවක් ඡායාරූප ශිල්පියකු ලෙස සේවය කල ඒ් මහතා අභාවප්‍රාප්ත වන විට 76 වන වියේ පසුවිය.

Read More

රටට ගල් අඟුරු හා ඉන්ධන මිලදි ගැනීම වෙනුවෙන් ලෝකයේ කිසිම රටක් ලංකාවට මුදල් ලබා නොදෙන බව ඔහු ප්‍රකාශ කළේය.

Read More

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ තමන් මින් ඉදිරියට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බවයි.

Read More

විදේශගත ශ්‍රමිකයින් නිවරදිව බැංකු ක්‍රමය හරහා තමන් උපයන මුදල් ලංකාවට එවිමට කටයුතු කරන්නේ නම් දැනට පවතින තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති කර බෙහෙත් හිගය නැති කළ හැකි බවද කොරියානු රැකියා සදහා පිටත්වයාමේ අපේක්ෂාවෙන් පසුවන 5800ක් ඉදිරි මාස හය තුළ කොරියාව බලා පිටත් කර ඔවුන්ගේ පීඩනය නැති කරන බවද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Read More

පංචිකාවත්ත ප්‍රදේශයේ දී පොලිස් අධිකාරි නාලක සේනානායක මහතාට පහරදී බරපතළ තුවාල සිදුකර ඔහු සතුව තිබූ පිස්තෝල අවිය කොල්ලකෑ 18 හැවිරිදි තරුණයෙකු මාලිගාවත්තේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

Read More

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වැඩි කිරීම සම්බන්ධයෙන් වන විදුලි පනත හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.