ඉතාලි අගමැති මාරියෝ ඩ්රාගි සිය රජය බිඳවැටීමෙන් පසු නැවතත් ඉල්ලා අස්වීම භාර දුන්නේය.
ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා ඊට යාබද මුහුදු සීමාවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමධ්‍යම රාත්‍රියේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ලක් පවතින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය පැවැසුවාය. සිය ට්විටර් ගිණුමෙන් ඇය ඉල්ලා සිටින්නෙ බලධාරීන් සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත්ය.
Read Moreකොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය පිවිසුමේ හා එම පරිශ්‍ර යේ රැදී සිටි අරගලකරුවන් අද අලුයම ආරක්ෂක අංශ කළ ඒකාබද්ධ මෙහෙයුමකින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
Read Moreවාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රම වේදය මෙන්ම QR ඛේත ක්‍රමය සාර්ථකවූ විට ඉදිරි දින කිහිපයේදී මේ වන විට පවතින ඉන්ධන පෝලිම් අඩුවෙනු වෙනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreහැකි ඉක්මනින්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි මූලික අර්ථය ඇතිවම ගෙන එන බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට දැනුම්දී තිබේ.
Read Moreජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති 45.3% සිට 2022 ජුනි මාසයේදී 58.9%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර, ඔහු කොවිඩ්-19 බූස්ටර එන්නත් දෙකක්ද ලබා සිට ඇති බව කියයි.
Read Moreසන්නද්ධ හමුදා සේනාධිනායක වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (ජුලි 21) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණියේය.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන නව රජයේ අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දීමට නියමිතය. කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවෙයි. පෙ.ව. 9.00ට දිවුරුම් දිම ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read More(UPDATE) නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (21දා) ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේදි මෙම දිවුරුම් දිම සිදුකිරිමට කටයුතු සැලසුම් කර තිබේ.
Read Moreරටේ ජනතාව දහසකුත් කරදරවලට මුහුණපා ඇති අවස්ථාවක දුම්රිය ගාස්තු වැඩි නොකරන ලෙස මුහුදුබඩ දුම්රිය මගී සංගමය ඉල්ලා සිටී.
Read Moreතමා මෙරට ජනාධිපති ධූරය බාර ගෙන ඇති හෙයින් සිය මන්ත්‍රී ධුරයෙන් අස් වන බව දැනුම්දෙමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (21දා) අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 33 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreරටේ ජනතාව අරගල කරමින්, පෙළපාලි යමින් උත්සහ කළේ බලයේ සිටින හොරුන් ගෙදර යැවීමට බවත්, කෙසේ වෙතත් එම හොරු එක්ව සිය ආරක්ෂාවට ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව හරහා පත් කර ගැනීම සිදුවූ බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
Read Moreපැය 24ක් සඳහා තමන් පාර්ලිමේන්තුවේ වාරාවසාන කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයන්ට දන්වා තිබේ. නව චාරිත්‍රානුකූල ආරම්භයක් වෙනුවෙන් මෙසේ පාර්ලිමේන්තුව පැය 24කට වරාවසාන කරන බව ජනපතිවරය ප්‍රකාශ කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.
Read Moreඩෙංගු මර්දන විශේෂ දිනයක් ලෙසට ලබන 25 දා සඳුදා ප්‍රකාශයට පත්කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සහ රත්කරව්වේ ජිනරතන හිමි ට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (21දා) වරෙන්තු නිකුත් කළේය.
Read Moreතමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද (21දා) ඉල්ලා සිටියේය.
Read Moreජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවේ රූපවාහිනී සජීවී විකාශ කටයුතු අඩාල වෙමින් පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය විසන්ධි වීම සම්බන්ධව පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.
Read Moreධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ .
Read Moreජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය තාක්ෂණික දෝෂ හේතුවෙන් ප්‍රමාද වන බව වාර්තා වේ.
Read Moreපිටිගල ප්‍රදේශයේ ගෑස් පෝලිමේ සිටි අයකුගේ හිසට අද (21දා)පොල් ගෙඩියක් වැටි බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව පිටිගල පොලිසිය පවසයි .
Read Moreදුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු හෙට (22දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසමන් ඒකනායක මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.
Read Moreසමගි තරුණ බලවේගයේ සභාපති මයන්ත දිසානායක මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreඅද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තමන් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුවූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreමන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreයාපනය කරෙයිනගර් ප්‍රදේශයේ පැරණි කසිරුණා වෙරලතීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී රුපියල් මිලියන 172 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 575 ග්‍රෑම් 600 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreඅටවැනි විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දුන්නේය. අගවිනිසුරුවරයා ඉදිරියේදී ජනපතිවරයා සිය දිවුරුම කියැවීය. ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක ප්‍රධානින් මෙම අවස්ථාවට එක්විය.
Read More