කැබ් රථයකට යට කිරීමෙන් පුද්ගලයෙකු ඝාතනය කළ හා තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකළ කැ බ් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පලෙස් ප්‍ර දේශයේදී මෙම සිදුවීම සිදුව තිබේ. මරණයට පත්වූ පුද්ගලයා හා තුවාල ලැබූ පුද්ගලයා මුලින්ම කැබ් රථයේ රියදුරුගේ නිවසට පැහමිණ පෞද්ගලික ආරවුලකට ඔහුට කඩුවකින් පහරදී තිබේ.
මෙම පහරදීමෙන් තුවලලත් කැබ් රථයේ රියදුරු ඒ පිළිබඳව පැමිණිලි කිරිමට පොලීසිය වෙත ගමන් කිරීමේදී තමන්ට පහරදුන් පුද්ගලයන් දෙදෙනා මාර්ගයේ ගමන් කරනවා දැක පසුව ඔවුන් දෙදෙනාද යටකර පොලීසියට ගොස් තිබේ.