මිළ ගණන් විශාල ලෙස පහත බැස තිබූ උඩරට එළවළු වර්ගවල මිළ ගණන් ක්‍රමයෙන් ඉහළයාමක් ඊයේ (28) සිට පවතින බව සමස්ථ ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
විශාල ලෙස උඩරට එළවළු වර්ගවල මිළ ගණන් ඉකුත් දිනවල අඩුව පැවැති බවත්, එහෙත් මේ වනවිට ක්‍රමයෙන් උඩරට එළවළු වර්ගවල මිල ගණන් ඉහළ යමින් පවතින බවද හෙට්ටිආරච්චි මහතා කීය.
එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් මෙසේ උඩරට එළවළු වර්ගවල මිළ ගණන් යළි ඉහළ යමින් පවතින බවද හෙට්ටිආරච්චි මහතා කීය.
ලීක්ස් කිලෝවක් රුපියල් 220 ත් 255 ත්, බීට්රෑට් කිලෝවක් රුපියල් 100 ත් 120 ත්, අර්තාපල් කිලෝවක් රුපියල් 200 ත් 230 ත්, ගෝවා කිලෝවක් රුපියල් 100 ත් 150 ත්, කැරට් කිලෝවක් රුපියල් 110 ත් 140 ත්, මාළු මිරිස් කිලෝවක් රුපියල් 350 ත් 425 ත්, බෝංචි කිලෝවක් රුපියල් 125 ත් 160 ත් අතර තොග මිලකට නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (28) දින අළෙවි වු බවද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවැසීය.
ශාන් හුලංනුගේ