ඉන්ධන සැපයුමේ හිඟය පිළිබඳව කලබල නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
බෙදා හැරීම අඛණ්ඩව සිදුකරන බවත් දැනට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සේවකයන්ට තම රාජකාරියට පැමිණීම බලහත්කාරයෙන් වළක්වාලීම හේතුවෙන් ඉන්ධන බෙදා හරීම ප්‍රමාද වී ඇති බවත් අමාත්‍යවරයා පවසයි.
මෙ අනුව ඉන්ධන බෙදා හැරීමේ පර්යන්තවල සහ බෙදා හැරීමේ දී අවශ්‍ය ආරක්ෂාව සැපයීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව කැඳවා සාමාන්‍යකරණය කරන බවත් අමාත්‍යවරයා පවසයි.