අද පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා ගතවූ පැය තුනක කාලය තුළදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන නිකුත් කිරීමේ මධ්‍යස්ථාන තුළින් ඉන්ධන බවුසර් 208ක් නිකුත් කිරිමට කටයුතු කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව ඔක්ටේන් 92 ලීටර් 6600 ධාරිතාවෙන් යුත් බවුසර් 122ක් හා ලංකා ඔටෝ ඩීසල් ලීටර් 6600 ධාරිතාවෙන් යුත් බවුසර් 86ක් නිකුත් කිරීමට හැකිවූ බව අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

