ඝාතනයට ලක් වූ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරියක ලෙස කටයුතු කළ නෙටොල්පිටිය වැලිආරේ දීපශිඛා ලක්රුවනි මහත්මියගේ නිවෙසට ඊයේ (27) පස්වරුවේ ම ගිය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම නිලධාරිනියගේ පවුළේ මව්පියන් ඇතුළු ඥාතීන්ට රජය වෙනුවෙන් හා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් කණගාටුව පළ කළේය.
එමෙන්ම මෙම ඝාතනය සම්බන්ධව අපක්ෂපාතීව විමර්ශන කටයුතු සිදු කරන බවත්, එම නිලධාරිනිය රාජකාරි කටයුතු සඳහා යමින් සිටිය දී සිදු වූ මෙම ප්‍රහාරය හේතුවෙන් ඇයගේ දිවි අහිමි වී ඇති හෙයින් එවැනි අවස්ථාවක දී රාජ්‍ය සේවයේ නිලධාරියෙකුට හිමි වන සියලු වරප්‍රසාද ඇයගේ පවුළට ලබා දීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.
එමෙන්ම මෙම කටයුතු සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.