පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යධුරය දරන මුදල් අමාත්‍යංශය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලයට දන්වා තිබුණත් අධික පාඩුවක් ලබන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තම සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවා ඇති බවට වාර්තා වෙයි.
රජයේ තීරණයට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දන්වන ලෙස ජනපතිවරයා එම සභාපතිවරුන්ට ලිඛිතව දන්වා ඇති බවද වාර්තා වෙයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාස දෙකක වැටුප් එහි සේවකයන් වෙත ගෙවා ඇති අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය එහි සෑම සේවකයෙකුටම රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රසාද දීමනා (බෝනස්) ලෙස ගෙවා ඇතැයි ද වාර්තා වෙයි.
සංස්ථාව ප්‍රවාද දීමනා ගෙවීම වෙනුවෙන් වෙනුවෙන් රුපියල් කෝටි එකසිය විස්සක මුදලක් වැය කර ඇති අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ වෙනුවෙන් රුපියල් කෝටි 58ක මුදලක් වැය කර ඇති බව බවද වාර්තා වෙයි.