කොන්ත්‍රාත් පදනම මත සේවයට එන විශ්‍රාම ගිය සේවකයන්ට පඩි දෙකක්?
කොන්ත්‍රාත් පදනම මත ලබාගන්නා දුම්රිය සේවකයන්ට විශ්‍රාම වැටුප මෙන්ම කොන්ත්‍රාත් පදනම මත ලැබෙන වැටුපද ගෙවීමට නියමිත බවට තොරතුරු වාර්තා වන්නේ යැයි අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ මාධ්‍ය වේදියෙක් අමාත්‍ය බන්දුල ගුණවර්දන මහතාගෙන් ප්‍රශ්නයක් යොමුකරමින් විමසා සිටියේය.
කෙසේ වෙතත් එවැනි දෙයක් සිදු නොවන බවත් ඒ පිළිබඳව විමසා බලන බවත් වැටුප් දෙකක් ලබා ගැනීමට අවස්ථාවක් නොමැති බවත් එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවැසීය.
Q - විශ්‍රාම ගිය සේවකයෙක් කොන්ත්‍රාත් පදනම මත බදවා ගත්විට ඔවුන්ට විශ්‍රාම වැටුපයි, කොන්ත්‍රාත් පදනම මත ලැබෙන පඩියය් දෙකක් ලැබෙන බව වාර්තා වෙනවා. මේක ආයතන සංග්‍රහයට විරුද්ධ නැත්ද? පඩි දෙකක්. අනිත් එක මෙච්චර බරකින් යන දුම්රිය දෙපාර්තමේන්තුවට තවත් බරක් නේද?
A මම හිතන්නේ නෑ. මම ඒක විමසලා බලන්නම්. කොන්ත්‍රාත් පදනම යටතේ ගැනීමෙන් අපිට වැඩි පිරිවැයක් දරන්න වෙනවා. අපිට මේ තියෙන අත්‍යාවශ්‍ය සේවා හිඟය නිසා කොන්ත්‍රාත් පදනම යටතේ දුම්රිය සේවකයෝ අරගෙන තියෙනවා. ක්‍රමානුකූලව බදවා ගැනීම් පසුගිය වර්ෂවල සිදුවෙලා නෑ.
popular news
-
අසංක Tuesday, 03 January 2023 07:05 AM
රජයේ සේවකයින් විශ්‍රාම ගිය පසු නැවත කොන්ත්‍රාත් පදනම මත පත් කිරිමේ දී විශ්‍රාම වැටුප සහ කොන්ත්‍රාත් පදනම මත තනතුරේ වැටුප් යන දෙකම හිමි වේ . 2015 යහපාලන රජයේ තමා කොන්ත්‍රාත් පදනම මත සේවකයින්ට පඩියෙන් 1/2 ක් දීපු ඒක සම්පුර්ණ වැටුප ලබා දීමට පටන් ගත්තේ. රජයේ ඉහළ නිලධාරින් 60 විශ්‍රාම ගියාම නැවත කොන්ත්‍රාත් පදනම මත ඒන්නේ මේ නිසා තමා.
Reply : 0 0
Dayan Tuesday, 03 January 2023 07:23 AM
If there is no a payment is made why any one come for work? Pension is his right. If government wants his services after retirement a salary hat to be paid in addition to pension. Is that person question on that is prepared to work without payment.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

