ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රකියි - ඉන්දියාවට නවකයින් දෙකක්
සත්කාරක ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය.
අද තරගයේදී ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂුබ්මාන් ගිල් හා ෂිවම් මාවි විස්සයි විස්ස වරම් දිනා ගැනීමට නියමිතය. මෙයින් ෂිවම් මාවි මෙම තරගයේදී අන්තර්ජාතික ක්‍රිකට් වරම් දිනා ගැනීමට නියමිතය.
ඒ අනුව වේගපන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමට වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුෂංක එක්වී ඇත. මෙම තරගය වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම
පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දිල්ෂාන් මධුෂංක, කසුන් රාජිත
ඉන්දීය කණ්ඩායම
ඉෂාන් කිෂාන්, ෂුබ්මාන් ගිල්, සූර්යකුමාර් යාදව්, සංජු සැම්සන්, හර්දික් පාණ්ඩ්‍යා (නායක), දීපක් හූඩා, ආක්ෂාර් පටෙල්, හර්ෂාල් පටෙල්, ෂිවම් මාවි, උම්රාන් මලික්, යුස්වේන්ද්‍ර චහාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
