පොලිස් පරිපාලන අංශ ප්‍රධානී තනතුරේ රාජකාරී ආවරණ කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත් කර තිබේ.
මෙම තනතුරේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා පසුගිය 31වැනිදා විශ්‍රාම යාම නිසා මෙම තනතුර පුරප්පාඩු විය.
නිලන්ත ජයවර්ධන මහතා මේ වනවිට සහායක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අතර, ඒ මහතා මීට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කර තිබේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු ලෙස සැලකෙන නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයේ පරිපාලන අංශයේ ප්‍රධාන තනතුරේ රාජකාරී ආවරණ පදනමින් පත් කර තිබෙන්නේ, පෙරේදා (02දා) දිනයේ සිට බලපැවැත්වෙන පරිදිය.
වයස අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා පසුගිය 31වැනිදා ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරන් 02ක් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09ක් විශ්‍රාම ගිය අතර, මෙම පිරිස් දැරූ තනතුරු සඳහා ඉදිරි දිනවල නිලධාරීන් පත් කිරීමට නියමිතව තිබෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.