පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති සහ භූ විද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහර දී නිල නිවසට අලාභානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි එම විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර සිසුවා අද (18) නීතිඥවරයකු මගින් අධිකරණයට භාර වීමෙන් අනතුරුව පෙබරවාරි මස 01 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් දොළොස් දෙනෙකු මීට පෙර පේරාදෙණිය පොලිසියට භාර වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාද විදානගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින සිසුන් 13 දෙනා අද (18) අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔවුන් ද පෙබරවාරි මස 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිසුන් 13 දෙනාට ඇප නියම කරණ ලෙස නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියත් විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
එම සිසුන් 14 දෙනාගේ ශිෂ්‍යභාවය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය විසින් තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.
ෂේන් සෙනෙවිරත්න