පානදුර ප්රදේශයේ දෙපිරිසක් අතර ඊයේ (17දා) ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ නිවසකට කිසියම් පිරිසක් ගිනිතබා විනාශ කර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි .
ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැති බවත්, සිදුව ඇති දේපල හානිය මෙතෙක් ගනන් බලා නොමැති බවත් පොලිසිය සදහන් කරයි.
පානදුර ජනප්රිය මාවතේදී ඊයේ (17දා) පස්වරුවේ මුදල් ආරවුලක් හේතුවෙන් දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවත් එයින් පහරකෑමට ලක්වූවන් පානදුර මූලික රෝහලේ ප්රතිකාර ලබන බවත් පොලිසිය කීය.
එම පහරදීම මුල්කර ගනිමින් ඊයේ රාත්රි 10.30 ට පමණ මෝදරවිල මහල් නිවාස සංකීර්ණයට පැමිණි නාදුනන පිරිසක් තුන්වන මහලේ නිවසට ගිනි තබා ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
ගිනි තැබීමට පැමිණි පුද්ගලයින් විසින් මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ දී තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇති බවද පොලිසිය කීය.
මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ප්රදේශවාසීන්ගේ සහායෙන් ගින්න පාලනය කර ඇතත් දැඩි ලෙස හානි සිදුව ඇතැයි සදහන් වේ.
පානදුර සුමිත් පොතුපිටිය / පානදුර සමන් කාරියවසම්
