මෙරට කුරුළු විශේෂ අතුරින් 81 ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතිබව ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය පැවසූවාය.
2022 වසරේ රතු දත්ත පොතට අදාලව දීප ව්‍යාප්තව සිදුකරන ලද සමීක්ෂණයකදී එම තොරතුරු අනාවරණ වී තිබේ. දැඩි ලෙස තර්ජනයට ලක්වූ පක්ෂී විශේෂ 19 ක් හා තර්ජනයට ලක්වූ විශේෂ 48 ක් හදුනා ගෙන තිබේ. එමෙන්ම තර්ජනයට ලක් වීමේ ප්‍රවණතාවය සහිත පක්ෂි විශේෂ 14 ක් හඳුනා ගෙන ඇතිබව එම කාර්යාලය පවසයි.
තර්ජනයට ආසන්න කුරුළු විශේෂ 32 ක් ද එහිදී හඳුනාගෙන තිබේ. එහිදී කුරුළු විශේෂ 244 ක් අධ්‍යයනයට ලක්කර තිබේ.
වාසභූමිවලට සිදුවන හානි හේතුවෙන් මෙලෙස පක්ෂීන් වඳවී යාමේ තර්ජනයට ලක්වන බවට අනාවරණය කර ගෙන තිබේ. ප්‍රධාන වශයෙන් මානව කි‍්‍රයාකාරකම් හේතුවෙන් පක්ෂීන්ගේ බෝ වීම දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති බව එහිදී වැඩිදුරටත් පැවසූවාය.
හබරාදුව - අනුර ප්‍රියන්ත