ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් අදාළ රටවල් හා ආයතන සමග කටයුුතු කිරිමට සූදානම් බව චීනය ප්‍රකාශ කරයි.
ජනවාරි 16 චීන විදේශ අමාත්‍යාංශය පැවැත්වූ මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන් වෙන්බින් මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කරතා පිළිබඳව චීනය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ඒ වෙනුවෙන් කළ හැකි සෑම සහයක්ම ලබා දීම වෙනුවෙන් චීනය කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා දිය හැකි සෑම සහාය දෙන බවත් ප්‍රකාශකවරයා පැවැසීය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ කරන සංචාරය පිළිබඳව යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව චීනයට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමට අදාළ මූල්‍ය ආයතනවලට සහය ලබා දෙන බව පැවසූ වැන්ග් වෙනබින් මහතා අදාළ රටවල් හා ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බවද සඳහන් කළේය.
මූල්‍ය ආයතන සහ ශ්‍රී ලංකාවට තත්ත්වය මඟ හරවා ගැනීමටත්, එහි ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් උපකාර කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් අඛණ්ඩව ඉටුකරන බවත් ඔහු පැවැසීය.
“ශ්‍රී ලංකාව එකම දිශාවකට ක්‍රියා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. විදේශ ආයෝජන සහ මූල්‍ය හවුල්කරුවන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා තහවුරු කිරීමට සහ එහි ආයෝජන සහ මූල්‍ය පරිසරයේ ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය පවත්වා ගැනීමට ස්වාධීන උත්සාහයක් ශ්‍රී ලංකාව ඇතැයි අපි විශ්වාස කරනවා” යැයි ඔහු පැවැසීය.