saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 4944 hours ago

LATEST

ත්‍රස්තවාදය වැළැක්වීීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම ඇමෙරිකාවේ හා යුරෝපයේ අවධානයට

calendar_today 2022 අගෝ 22 - 20:00 remove_red_eye - 573  

ත්‍රස්තවාදය වැළැක්විිමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කිරිම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ මෙන්ම යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ.

කුරුණෑගල- මීගමුව ප‍්‍රධාන මාර්ගයේ මාහොලව මෑල්ලවලා මන්සන්දිය අසළදී අද දහවල් ගිරිඋල්ල දෙස සිට පන්නල දෙසට යතුරුපැදියකින් ගමන්කල තරුණයන් දෙදෙනෙකු එම දෙසටම ගමන්කල ලොරි රථයක පිටුපස ගැටීමෙන් බරපතල තුවාල ලබා අනතුර සිදුවූ ස්ථානයේදීම මියගොස් ඇතිබව පන්නල පොලීසිය කියයි.

Read More

නිව්යෝක් ප්‍රාන්තයේ ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සතිපතා සාරාංශයකට අනුව වයස අවුරුදු 18 ට අඩු බාල වයස්කරුවෙකු තුළ ප්‍රථම වරට මන්කිපොක්ස් වාර්තා වී තිබේ.

Read More

දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා 2022 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම 2022.08.22 දින සිට 2022.08.26 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට නියමිතය.

Read More

ඉන්දීය නායකත්වයේ ජ්‍යෙෂ්ඨයෙකු ඝාතනය කිරීම සඳහා මොහු ඉන්දියාව බලා යාමට සූදානමින් සිට ඇති බව රුසියාව පවසයි.

Read More

බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 09 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට උසස් කිරීමට කටයුතු කර තිබේ.යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම උසස් කිරීීම් සිදුකර තබේ.

Read More

කොවිඩ්-19 ආසාදිතව හුදකලාව සිටින ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් චීන ජනාධිපති ෂී ජින්පිං විසින් පණිවුඩයක් යවා තිබේ.

Read More

අන්තර් විිශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලගේ ඇතුළු තිදෙනක් දින 90කකාලයක් සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර ඇත.

Read More

ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සොයමින් සිටි තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ කුරුඳුවත්ත පොලීසියට භාරවීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පකිස්ථානයේ හිටපු අගමැතිට එරෙහිව චෝදනා ඔප්පු වුවහොත්, ඔහුට වසර කිහිපයක් සිරගත වීමට සිදුවනු ඇත.

Read More

ගෝල්ෆේස් අරගල භූමියට සිදුව ඇති අලාභ හානිය පිළිබදව තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට මේ වන විට කටයුතු කර ඇති බවද එම අධිකාරිය කියයි. එම භූමිය නැවත සැකසීම සහ මූලික කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 1 ½ ක් සහ එහි තණ පිඩලි ඇල්ලීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 47 ½ ක් වැය වන බව නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද එම තක්සේරු වාර්තාවෙහි සදහන් වේ.

Read More

දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) ලෙස පත් කර ඇත.

Read More

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සීටින ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව ලබාදුන් ණය හා ආධාරවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

Read More

රට තුළ ඇති වූ විදේශ සංචිත හිගයත් සමඟ ශ්‍රී ලංකාව ඉන්ධන ගෙන්වීමේ දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත් සාමාන්‍ය ජනතාව පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට යොමුවීම තුළින් මේ වනවිට දුම්රිය මගී ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩිවී ඇති බවත් පසුගිය වසර 20ක කාලය තුළ අධිවේගී මාර්ග වලට යොමුකළ මුදල් වලින් සියයට 10ක් පොදු ප්‍රවාහනයට යොමු කළේ නම්, අද මෙරටට නවීකරණය වූ දුම්රිය පද්ධතියක් හා මගී බස්රථ සේවයක් ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය

Read More

ඉන්දීය ණය යටතේ මෙරටට ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් අවසන් තොගය වන මෙට්‍රික් ටොන් 21,000ක තොගය අද (22දා) ඉන්දීය මහකොමසාරිස් අශෝක් භග්ලේ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට නිල වශයෙන් බාර දෙනු ලැබිණි.

Read More

යාපනයේ සහ ත්‍රීකුණාමලයේ පදිංචි පවුල් 03කට අයත් පුද්ගලයින් 08 දෙනෙකු ඊයේ (21දා) ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු ප්‍රදේශයට කුඩා මුහුදු යාත්‍රාවකින් පැමිණ සිටියදී තමිල්නාඩු පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

ඉන්ධන ඇතුළු අනෙකුත් පහසුකම් ලබා ගැනීම සඳහා පසුගිිය සතියේ දිවයිනට පැමිණි චීනයේ ‘යුවාන් වැන්ග් 5’ අධිතාක්ෂණික පර්යේෂණ නෞකාව අද (22දා) යළි චීනය බලා පිටත්ව යාමට නියමිතය.

Read More

රජය හා අදාළ බලධාරීන් බේකරි හිමියන්ට අවශ්‍ය සහය ලබා දෙන්නේ නම් පාන් රාත්තලක මිල රුපියල් 50 කින් හා අනෙකුත් බේකරි නිෂ්පාදන මිල සැලකියයුතු මට්ටමකින් අඩු කර ජනතාවට සහනයක් ලබා දීමට හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා අද (22දා) රද්දොළුගම ඒ මහතාගේ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කර සිටියහ.

Read More

භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් ලබාදීමට රජය යෝජනා කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අට දෙනා මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණ පැවිදි භාවය ලබා කොහුවල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන බංග්ලාදේශ ජාතික හිමි නමක් සතු රුපියල් ලක්ෂ 6ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (21ෙදා) විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි .

Read More

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පරිශ්‍රයට ධානිෂ් අලී සමග බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වන තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බොරලැස්ගමුවේ පැපිලියාන වාහන අලෙවි සැලක කාර්යාලය තුල ලාච්චුවේ බහා තිබූ රුපියල් 2,175,000 මුදලක් සොරාගත් එම අලෙවිසැලේ එකම සේවකයා රත්තනපිටිය ලැගුම්හලකදී සොරා ගත් මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දෙමෝදර ආරුක්කු නවයේ පාළමේ කුළුණු මත තිබෙන බඹර ඇවිස්සිමෙන් නිතර දේශීය විදේශිය සංචාරකයින් සතුන්ගේ ප්‍රහාර වලට ලක්වෙන බව ප්‍රදේශවාසීන් පවසයි.

Read More

සංස්ථාවේ නිශ්පාදනවල මිල ගණන් පිරිවැයට සමපාත වීමත් සමඟ භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇති බවත් ඔහුු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ හඳුනා නොගත් මළසිරුරු විසි අටක් වසරකට ආසන්න කාලයක සිට තැන්පත් කර තිබීමෙන් එහි දෛනික කටයුතු වලට දැඩි බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ .

Read More

සංචාරක වයාපාරයේ නියතු තමන්ට රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් සහනයක් ලබා නොදෙන්නේ යයි කියමින් අද (22දා) බෙන්තොට සංචාරක නිවාඩු නිකේතනය ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණයක නිරතවූහ.

Read More

වව්නියාව කුඩාකච්චිකොඩිය ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික තෝණිගල සෙල්ලිපි වසර 20 කට පමණ පසුව නැවත පිටපත් කරගැනීමේ කටයුතු අවසන් වී ඇති බවටත් සෙල්ලිපි වසාදමා තිබූ පස් ඉවත් කොට මහජන ප්‍රදර්ශනයට විවෘතව පවතින බවට වව්නියාව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලය පවසයි.

Read More

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා තවදුරටත් රදවාගෙන ප්‍රශ්නකිරීමට ආරක්ෂක අමාත්‍යවරයාගෙන් අවසර ඉල්ලා ඇතිි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

මන්නාරම, නඩුකුඩා වෙරළ තීරයට ගොඩගසා තිබූ ඖෂධ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.