දිනුම් අංක නොමැති ලොතරැයි ටිකට් පත් වල දිනුම් අංක ව්‍යාජ ලෙස මුද්‍රණය කර දිනුම් මුදල් ලබා ගැනීමේ ජාවාරමක නියුතු කල්ලියක සාමාජිකයෙකු ව්‍යාජ ලොතරැයි ටිකට්පත්තොගයක්ද සමඟ අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.
සැකකරු මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි.
මොහු ව්‍යාජ ලෙස දිනුම් අංක මුද්‍රණය කර තිබූ ලොතරැයි ටිකට් පත් ලබාදී කුරුණෑගල නගරයේ ලොතරැයි ටිකට්පත් අලෙවිසැලකින් මුදල් ලබා ගැනීමට යාමේදී ඇතිවූ සැකයක් මත ලොතරැයි අලෙවිකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී විවිධ වර්ගයේ ලොතරැයි ටිකට්පත් 232 ක තොගයක්දපොලීසියටහමුවී තිබේ. මේවායින් ටිකට්පත් කීපයකම රුපියල් පන්සීය දහස වැනි දිනුම් අංක ව්‍යාජ ලෙස මුද්‍රණය කර තිබූ බවදපොලීසිය පැවසීය.
මඩකලපුව වාලච්චේන ප්‍රදේශයේ පවත්වාගෙන යන මුද්‍රණාලයක සේවය කරන සැකකරු ඔහු එම මුද්‍රණාලයෙන් ලොතරැයි ටිකට්පත් වල ව්‍යාජ දිනුම් අංක සකසාගෙන ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ. සැකකරු මේ ආකාරයට ව්‍යාජ ලෙස සැකසූ ලොතරැයි ටිකට්පත් දිවයිනේ විවිධ නගර වලට රැගෙන ගොස් මේ ආකාරයට රුපියල් පන්සීයේ සිට දසදහස දක්වා වන දිනුම් මුදල් වංචනිකව ලබාගෙන ඇති බවද කියයි.
මෙම සැකකරුට අමතරව මෙම ජාවාරමට සම්බන්ධ කල්ලියක් මේ ආකාරයට රට පුරා යමින් වංචනික ලෙස ලොතරැයි දිනුම් මුදල් ලබා ගැනීමේ ජාවාරමක නිරතව සිටින බවද කාන්තාවන්ද ඊට සම්බන්ධ බවද අනාවරණය වී තිබේ.
ගීතාංජලී ප්‍රියදර්ශනී
