කිලෝවොට් 05ක සුර්යබල ඒකකයක් සහිත සුර්ය පැනල සෑම ආගමික සිද්ධස්ථානයකටම හා රාජ්‍ය ආයතනයකටම නොමිලේ ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.
ඉන්දීය ණය සහනාධාර යටතේ මාස තුනක් ඇතුළත එම සුර්යබල ඒකක ලබාදීමට කටයුතු කරන බව ද ඊයේ ( 25දා) බලශක්ති අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය .
මෙම ව්‍යාපෘතිය මගින් රාජ්‍ය ආයතන සහ ආගමික සිද්ධස්ථාන ආවරණය වන පරිදී ගිවිසුම්ගතව ඇති අතර, එම ස්ථාන තෝරා ගැනීමේදී පාසැල්, රෝහල්, විශ්ව විද්‍යාල, අධ්‍යාපනික සහ වෘතිතීය පුහුණු ආයතන, හමුදා සහ පොලිස් ස්ථාන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන, පිරිවෙන් සහ විදුලිය වැඩි වශයෙන් භාවිතා කරන ආගමික සිද්ධස්ථාන ප්‍රමුඛතාවය ලබාදීමට නියමිතයි.