මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කළැයි සිදුවීමට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වෘත්තිය සමිති ක්රියාකාරීන් වන ආනන්ද පාලිත සහ සංජීව ධම්මික යන දෙදෙනා අද (26දා) ඇප මත මුදාහැරිණි.
ඒ එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා කළ නියෝගයකට අනුවයි.