මහරගම නගර සභාවේ සභාපතිවරයාගේ මහතාගේ නිළ රථයේ රෝද හතරට තියුණු ආයුධයකින් පහර දී බරපතළ හානි සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන අමල් සේනාධිලංකාරගම පදිංචි (57) හැවිරිදි එම නගර සභාවේ සෞඛ්‍ය අංශයේ වැඩ පරීක්ෂකවරයෙකු බව පොලිසිය කියයි .
නගර සභාවේ සභාපතිවරයා සිය ටොයෝටා වර්ගයේ සුඛෝපභෝගී කැබ් රථයෙන් රාජකාරි සඳහා නගර සභාවට පැමිණ නිළ රථය ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරිපිට ආලින්දයේ නවතා නිල කාමරයට ගොස් සිටියදී මෙම වැඩ පරීක්ෂක වරයා යකඩ කුරකින් සකසන ලද තියුණු ආයුධයක් රැගෙන විත් මෙසේ නිල රථයේ රෝද හතරට පහරදී හානි සිදුකර තිබුණි .
ඉන් රෝද හතරේ හුලන් බැසගොස් තිබූ අතර සිදුව ඇති හානිය රුපියල් 480,000 පමණ වන බව පොලිසිය කියයි .
පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලලට අනුව සභා පරිශ්‍රයේ සවිකර ඇති ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කිරීමේදී අනාවරණය කරගත් තොරතුරකට අනුව සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන එම නගර සභාවේ සෞඛ්‍ය අංශයේ වැඩ පරීක්ෂක වරයකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
ඒත් සමගම සිද්ධිය ඇසින් දුටු නගර සභා සේවකයෙකුගෙන් ද පොලීසිය ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු පොලිසියට පවසා ඇත්තේ සභාපතිවරයා කලක සිට තමාට නිදහසේ රාජකාරි කිරීමට අවස්ථාවක් ලබා නොදෙන බවත් දිගින් දිගටම සභාපතිවරයා තමාගෙන් පළි ගැනීමට එරෙහිව මෙසේ නිල රථයේ රෝද වලට හානි සිදුකළ බවයි .
එසේම මීට වසර දෙකකට පමණ පෙර සභාපතිවරයා නගරසභා සේවකයෙකුට බැණ වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊට විරෝධය පළ කරමින් නගර සභාවේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරිපිට මෙම පුද්ගලයා උපවාසයක් ආරම්භ කළ අයෙකු බවද පැවසේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චේලක රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අසංක මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි පරීක්ෂණ පවත්වති.
මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප්



