ජර්මන් ජාතික සංචාරක නියෝජිතයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ශ්‍රී ලංකාවේ දින 07 ක අධ්‍යයන චාරිකාවක් සදහා අද (01දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
ඔවුන් මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ හබරණ, දඹුල්ල, මහනුවර, නුවරඑළිය, බෙන්තොට සහ ගාල්ල යන ප්‍රදේශ වල සංචාරයේ නියැලෙමින් මෙම අධ්‍යයන චාරිකාව සිදු කිරීමට නියමිතය.
ජර්මනියේ සංචාරකයන් මෙතෙක් තායිලන්තය, බාලි දූපත්, ඉන්දියාව සහ වියට්නාමය වැනි දකුණු ආසියානු කලාපයේ රටවල සංචාරය සඳහා යොමු වී සිටින අතර ඔවුන්ට නව සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව හදුන්වා දීමට මෙම සංචාරය තුළින් අපේක්ෂා කෙරේ.
මෙම සංචාරක නියෝජිතයන් පිරිස අද අලුයම 05.19 ට ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 555 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.