දේශපාලන කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්ය ලේකම්වරියක් වන වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ශ්රී ලංකාව සංචාරය ආරම්භ කරමින් මෙරටට පැමිණ තිබේ.
ශ්රී ලංකාව හා ඇමෙරිකාව අතර රාජ්ය තාන්ත්රික සබඳතා ආරම්භ කර වසර 75ක් පිරීමට සමගාමීව ඇයගේ මෙම සංචාරය සිදුවෙයි.
එසේම ඇයගේ සංචාරය තුළදී ශ්රී ලංකාවේ මේ වන විට සිදුකරන ආර්ථික ප්රතිසංස්කරණ, මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නා ක්රියාමාර්ග හා සංහිදියාව ආරක්ෂා කිරිම වෙනුවෙන් ගන්නා ක්රියාමාර්ග පිළිබඳව අවධානය යොමුකරනු ඇත.
ඇය දිවයිනේ රැදී සිටින කාලය තුළදී රජයේ ඉහළම නියෝජිතයන් හා සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.