කටුනායක ඇවරිවත්ත නගරයේ පවත්වා ගෙන යනු ලබන ජංගම දුරකථන අලෙවි සැල් දෙකක් සහ නේවාසිකාගාරයක් බිඳ රුපියල් ලක්ෂ පහළොවක් වටිනා ජංගම දුරකථන සහ දේපළ සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක මාදුව ප්රදේශයේ නේවාසිකාගාරයක සිටියදී ඊයේ (31දා) රාත්රී කටුනායක පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙයින් එක් අයෙකු 35 හැවිරිදි මහඉලුප්පල්ලම ප්රදේශයේ පදිංචිකරුවෙකි . කළක් ශ්රී ලංකා යුද හමුදා සේවයේ නිරත වී සිටි මොහු විවාහයන් දෙකක් සිදු කර ගෙන ඇත්තෙක් බව පොලීසිය පවසයි .
පළමු විවාහයෙන් ලද දරු දෙදෙනා සමග එම බිරිඳ මහඉලුප්පල්ලම ප්රදේශයේ පදිංචිව සිටින අතර , ඔහු දෙවන විවාහයක් ද සිදු කර ගෙන එක් දරුවෙකු සහ එම බිරිඳ සමග සමග කටුනායක ප්රදේශයේ පදිංචිව සිටී .
අනෙක් පුද්ගලයා 38 හැවිරිදි ගල්කිරියාගම ප්රදේශයේ පදිංචිකරුවෙකි .
ඔවුන් දෙදෙනා කටුනායක මාදුව ප්රදේශයේ නේවාසිකාගාරයක රැදී සිටිමින් , කටුනායක ප්රදේශයේ පෙදරේරු වෘත්තියේ නියැලී සිටින අතරතුර මෙසේ වෙළඳ සැල් සහ නිවාස බිද සොරකම් කිරීමේ ද යෙදී සිටි බව කටුනායක පොලීසිය සිදු කර ඇති මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .