ඝාතනය කර ඇතැයි කියන කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් අද (1දා) පස්වරුවේදී ඇල්පිටිය ඕමත්ත පදේශයේ නිවසක තිබියදී සොයා ගත් බව ඇල්පිටිය පොලීසිය පවසයි.
මෙසේ සොයා ගැනුනේ ඇල්පිටිය ගනේගොඩ තේරංගොඩ පහල ලිපිනයේ පදිංචි උහන්ඕවිටගේ මල්ලිකා නමැති හැටනව හැවිරිදි විවාහක කාන්තාවකගේ සහ ඇල්පිටිය ගනේගොඩ ඕමත්ත ලිපිනයේ පදිංචි අසූහැවිරිදි උඩුගමසූරිය ඥාණවතී නමැති අවිවාහක කානතාවගේ මළ සිරුරු දෙක බවද පොලීසිය කියයි.
මේ කාන්තාවන් දෙදෙනා සිටි මේ නිවසේ දොරවල් දහවල් වනවිටත් විවෘත නොකර තිබීම සම්බන්ධයෙන් පදේශවාසීන් විපරම් කිරීමේදී මෙ කාන්තාවන් දෙදෙනා මිය ගොස් සිටි අයුරු දැක ඒ සම්බන්ධයෙන් කරනු ලැබූ දැනුම් දීමකට අනුව මේ මළ සිරුරු දෙක සොයා ගත් බවද පොලීසිය පැවසීය.
මිය ගොස් සිටි එක් කාන්තාවකගේ සිරුරක් එම නිවසේ නාන කාමරයේදී ද අනෙක් කාන්තාවගේ සිරුර කාමරයේ ඇදක් මත තිබියදී සොයා ගත් බව පොලීසිය කියයි.
ඇඳ මත මළ සිරුර තිබුණේ අසූව හැවිරිදි අවිවාහක කාන්තාවගේ බවත් ඇය කිහිලිකරු දෙකක් ආධාරයෙන් ඇවිද යන තැනැත්තියක් බවත් පොලීසිය කියයි.
හැටනව හැවිරිදි කාන්තාවගේ මළ සිරුර නිවසේ නාන කාමරයේ තිබූ බවත් ඇය විවාහකවුවද ඇයගේ සැමියා මියගොස් සිටි බවත් පොලීසිය කියයි.
ඝාතනයවූ කාන්තාවන් දෙදෙනාම ඥාතීන් බවත් ඔවුන් දෙදෙනා දෙනෑනෝ බවත් ඔවුන් දෙදෙනාම වාසය කර ඇත්තේ මේ නිවසේ බවත් පොලීසිය සඳහන් කරයි.
මේ කාන්තාවන් දෙදෙනාම ඝාතනය කරන්නට ඇත්තේ ගෙල සිරකිරීමෙන් වන්නට ඇති බවට සැකකරන බවද පොලීසිය කියයි.
මෙම කාන්තාවන් දෙදෙනාගේ මිය යාම සම්බන්ධයෙන් අද (1දා)පස්වරුවේදී මහේස්තාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබිණ.
ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත