නීතිවිරෝධී ආකාරයෙන් සිදුකරන ජංගම දුරකතන ආනයනය වැළැක්වීම වෙනුවෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජංගම දුරකතන ආනයනකරුවන් සමග මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
නීති විරෝධී අයුරින් සිදුකරන ජංගම දුරකතන ආනයනය හරහා මෙරටට විශාල බදු ආදායමක් අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී පැවැසීය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචිය නොමැති ජංගම දුරකතන ආරක්ෂාවට මෙන්ම සෞඛ්‍යයටත් තර්ජනයක් බව මෙම සාකච්ඡාවේදී අණාවරණය විය.
මෙම සාකච්ඡාවේදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේ ජංගම දුරකතන ආනයනය කිරිම සම්බන්ධයෙන් පවතින නීති දැඩි කරන ලෙසයි.