saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 449 hours ago

LATEST

ධීවර සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට ගන්න නියෝග

calendar_today 2025 ජුනි 17 - 18:22 remove_red_eye - 533  

ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය සුදර්ශන ප්‍රනාන්දු මහතාට විදෙස් ගමන් තහනමක් පැනවු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඔහු යළි ලංකාවවට පැමිණෙන විට අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසමට බාරදෙන ලෙස ආගමන විගමන පාලකවරයාට අද (17) නියෝග කළාය.

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ආරක්ෂක අමාත්‍ය ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් අද (17) පාර්ලිමේන්තුවේදී රැස්විය

Read More

මහා බ්‍රිතාන්‍ය වෙනුවෙන් ශ්‍රී ලංකාව පත්කරන ලද නව මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා ඊයේ (16දා) සිය රාජකාරී ආරම්භ කළේය.

Read More

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ජාත්‍යන්තර ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කිරීමට නියමිත ’’ කේජ් බර්ඩ් ’’ ( Cadge Bird ) නැමති චිත්‍රපටය සදහා එහි ප්‍රධාන චරිතය රගපෑමට දකුණු ඉන්දීය සිනමා නිළි වරලක්ෂ්මි සරත් කුමාර් 06/17 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

Read More

නෙළුව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ ආර්.ජී.අජිත් චන්දන මහතා ජන්ද දහයක් ලබාගනිමින් තේරීපත්විය.

Read More

වෙරළබඩ පොලිස් වසමේදී ඊයේ රාත්‍ර‍ි යතුරුපැදි සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් හෙට්ටියාවත්ත හන්දිය ආසන්නයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් නවත්වන ලෙසට පොලීසිය විසින් අණකර තිබේ.

Read More

මැද පෙරදිග යුධ වාතාවරණය නිසා මෙරට ඛණිජ තෙල් හිඟයක් ‍ඇතිවිය හැකි බවට වන විවිධ ව්‍යාජ හා නොමඟ යවන සුළු පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය කරන බවක් නිරීක්ෂණය වී ඇතැයි බලශක්ති අමාත්‍යාංශය කියයි.

Read More

මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වය හමුවේ අදාළ රටවල වෙසෙන ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය නිරන්තර අවධානයෙන් පසුවන බවත්, අවශ්‍ය මැදිහත්වීම් සිදුකිරීම සඳහා තානාපති කාර්යාල වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවත්, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කරයි.

Read More

මධ්‍යම කඳුකරය තුළ මේ දිනවල වර්ෂ සහිත කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ඇතුළු මහවැවැලි ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

Read More

නිසි අවසරපත්‍රයක් නොමැතිව තේ අපද්‍රව්‍ය කිලෝ 6594 ක් ( හයදහස් පන්සිය අනු හතරක් ) ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පසුගියදා ( 14 දා ) වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අධික ලෙස බීමත්ව මාර්ග නීති උල්ලංඝනය කරමින් බදුල්ල සිට කොළඹ බලා බස් රථයක් ධාවනය කරමින් සිටි පෞද්ගලික මගී බස් රථයක රියදුරු අද 17 හල්දුම්මුල්ලේදී අත්අඩංගුවට බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.

Read More

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් භාවිතා කළ වාහන (සුඛෝපභෝගී වාහන 16ක්. අනෙකුත් වාහන 03 ක් සහ අබලි වාහන 03ක්) විකිණීම සඳහා සුදුසුකම්ලත් ටෙන්ඩර්කරුවන්ගෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැදවා ඇත.

Read More

2009ට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

2028 වන විට ස්වශක්තියෙන් ණය ගෙවිය හැකි ආර්ථික ස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය කරනවා ආර්ථික බිඳ වැටීමක් තුළ රාජ්‍යයක ස්වාධිපත්‍යය හා ස්වෛරීත්වය රඳා පවතින්නේ නැහැ

Read More

පානදුර ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලී ධීවරයින් දෙදෙනකු මුහුදේ ගිලී අතුරුදන්ව එක් අයෙකු දිවි බේරාගෙන ඇති බව පානදුර ධීවර වරාය කාර්යාලය ෙසදහන් කරයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිස හමු විය.

Read More

යාපනය පොන්නාලෙයි ප්‍රදේශයේදී සහ පොලිගන්ඩි ප්‍රදේශයේදී රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 513 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලීසිය පැවසීය.

Read More

කොළඹ රත්මලාන ගුවන් තොටුපොළ සහ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර ඍජු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ක්‍රියාත්මක කිරීම සදහා ඩේවිඩ් පීරිස් ගුවන් සේවා සමාගම වෙත ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් , දේශීය වානිජ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සදහා වූ ගුවන් යානා මෙහෙයුම් බලපත්‍රය ( Air Craft Operation Certificate ) 06/16 දින පිරිනමා තිබේ.

Read More

පුත්තලම නගර සභාවේ සභාපති ධුරය නිතරගයෙන් ඒ සදහා නම් යෝජනා වු ජාතික ජන බලවේගය පක්ෂයෙ එම්.එෆ්.රින්සාද් අහමඩ් මහතාගේ නම සම්මත විම 16 දින වයඹ පළාත් පාලන කොමසාරිස් සංජීවනි හේරත් මහත්මිය ඉදිරියෙ පැවති අවස්ථාවේදි සිදුවිය.

Read More

විද්‍යුත් විසා ලබාදීමේ සේවාව සමාගම් දේකකට ලබාදීමට ගෙන තිබූ තීරණය වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත්කල අතුරු නියෝගය ක්‍රියාත්මක නොකිරීමේන් අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ දැනට රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ආගමන විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට එරෙහි අධිකරණ අපහාස නඩුව විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (16) ආරම්භ කෙරිණි.

Read More

හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල මේ වන විට එලවළු මිල ගනන් අධික ලෙස ඉහල යාමත් සමග ප්‍රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.

Read More

ආරක්ෂක අංශ ලබා දෙන බුද්ධි වාර්තා පදනම් කර ගනිමින් මෙවර දෙවිනුවර ශ්‍රී විශ්ණු මහා දේවාලයේ සය වැනි පෙරහැරට කාවඩි කණ්ඩායම් 20 ක් පමණක් සහභාගී කරවීමට තීරණය කල බව එම දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුශංක මහතා පැවසීය.

Read More

ගාල්ල ,දොඩංදුව පටුවත කුමාරකන්ද වෙරළ තීරයට ඊයේ පස්වරුවේ සිට සුදු පැහැති ( පරිප්පු ඇටයක හැඩැති) ප්ලාස්ටික් අංශු විශාල ප්‍රමාණයක් මුහුදේ පාවෙමින් ගොඩ ගසමින් පවතී.

Read More

ඉන්දියාවේ අහමදාබාද්හි පසුගිය බ්‍රහස්පතින්දා සිදු වූ ගුවන් අනතුර සිදු වූ ස්ථානයෙන් මළ සිරුරු 270 ක් සොයා ගත් බව ඉන්දියාවේ වෛද්‍යවරු පවසති.

Read More

කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අතිරේක ලැයිස්තුවෙන් තේරී පත්වූ සභිකයෙකු 15 රාත්‍රියේ පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්‍යංශය විසින් අත්අඩංගුවට ගෙන, පුත්තලම මූලස්ථාන පොලිසිය වෙත භාර දී ඇත.මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ අබ්දුල් මුත්තලීබු මොහොමඩ් නව්ෆ්පී නැමැති කල්පිටිය මුසල්පිටිය පදිංචි සභිකයා යෙකි.

Read More

අවසන් වූ ශ්‍රීපාද වන්දනා සමයේදී දේශිය වන්දනාකරුවන් විසින් ශ්‍රීපාද පුද බිමට කසල ටොන් 241 ක් බැහැර කරලා-මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ලේකම් සිවරාම් රාජවීරන් කියයි.

Read More

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයට බලය පිහිටු වීමට නොහැකි පළාත් පාලන ආයතනවලට බලය පිහිටු විම සදහා ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ලබා දීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ උසස් නිළධාරියෙකු පැවසීය.

Read More

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කළ සැලැස්මක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති බව බීබීසී පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් ගමන් වසා දැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන් වාර සකස් කර ගත හැකි බව ඊශ්‍රායිල් විදේශ ඇමති Gideon Sa’ar මහත් ප්‍රකාශ කළ බව ඊශ්‍රා යෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවැසීය.

Read More

කොළඹ නගර සභාවේ 26 වැනි පුරපති ලෙස ජාතික ජන බල වේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය රහස් ඡන්දයෙන් තේරී පත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.