කොරියාවේ සෙමාවුල් පදනම මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත කාන්තාවන් සවිබල ගැන්වීමේ පස් අවුරුදු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සමගාමීව සහභාගිත්ව වැඩසටහන් මාලාවක් පැවැත්වීම සඳහා පැමිණි කොරියානු විශ්ව විද්‍යාල සිසුන් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා අතර හමුවක් පසුගිය (21) දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණ.
කොරියානු නියෝජිත පිරිස විසින් සතියක කාල සීමාව තුල ඔවුන් විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන ක්‍රියාකාරකම් පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කිරිමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා සෙමාවුල් පදනමේ මෙරට අධ්යක්ෂ චෝයි සන් මහතා සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමාන්න මහත්මිය සහ කැළණිය විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ සිසුන් පිරිසක්ද සහභාගි වුහ.
