මන්නාරමේ අභිරහස් වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
මන්නාරම මුල්ලිකණ්ඩාල් ප්රදේශයේදී අද (24) පෙරවරුවේ පුද්ගලයන් දෙදෙනකුට වෙඩිතබා ඝතනය කර ඇති බව පොලීසිය කියයි.
රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බවට ප්රදේශවාසීන් විසින් පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් විමර්ශන සිදුකිරීමේදී මෙය රිය අනතුරක් නොව වෙඩි තැබීමක් බවට හෙළි වු බව පොලීසිය පැවසීය.
පාලු ස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති හෙයින් කුමන අයුරින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.
මෙලෙස වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ මාන්තෙයි බටහිර ප්රදේශයේ පදිංචි අවුරුදු 47 සහ 55 යන වයස්හි පසුවන අය බවට අණාවරනය වී ඇත.
කෙසේ වෙතත් මිය ගිය දෙදෙනාගෙන් එක් අයෙකු මීට පෙර සිදු වූ ද්විත්ව ඝාතනයක් සමබන්ධයෙන් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව ඇපමත මුදාහැර අයෙක් බවටද පොලීසිය විසින් කරුනු අනාවරනය කොටගෙන තිබේ.
වෙඩිතැබීම සිදුකරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර අදාල ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් විශේෂ පරික්ෂණයක් අරඹා ඇත.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

