බණ්ඩාරවෙල නගරයේ හෝටලයක කාන්තාවක් ඝාතනය කර ඇති බවට බණ්ඩාරවෙල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශයක් ආරම්භ කර තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 40ක් වන ඇටම්පිටිය ප්ර දේශයේ පදිංචිකාරියකි.
අවුරුදු 50ක් වන කැලනිය ගෝනවල ප්ර දේශයේ පදිංචි පුද්ගලයෙක් පෙර දින ඉහත හෝටලයට පැමිණ අද (24දා) මියගිය කාන්තාව මෙම හෝටලයට ගෙන්වා ගෙන තිබේ.
පසුව එම පුද්ගලයා හදිස්සියේ හෝටලයෙන් පිටව ගොස් ඇති අතර ඒ පිළිබඳව ඇතිවූ සැකය අනුව හෝටලයේ සේවකයන් ඔවුන් සිටි කාමරය පරීක්ෂා කර තිබේ.
එහිදී කාන්තාව මියගොස් ඇති බවට දැක තිබේ. පොලීසිය සිදුකර විමර්ශනවලදී තියුනු ආයුධයකින් පහරදීමක් හා වස වර්ගයක් පානය කිරීමක් සිදුව ඇති බවට නිරීක්ෂණය වී ඇති අතර සැකකරු විසින් ලියන ලද බවට සැකකරන ලිපියක්ද සොයාගෙන තිබේ.
එස්.පී. නානායක්කාර