saravita-anim2

2025 නොවැම්බර් මස 05 වන බදාදා

2025 නොවැම්බර් මස 05 වන බදාදා

Latest News - timelapse 4635 hours ago

LATEST

මානස් ලබුෂේන් බ්‍රැඩ්මන්ට පමණක් දෙවැනි වෙයි

calendar_today 2022 දෙසැ 09 - 12:01 remove_red_eye - 1139  

ටෙස්ට් පිටියේ වේගයෙන්ම ලකුණු තුන්දහසේ සීමාව ඉක්මවූ පිතිකරුවන් අතර සම දෙවැනි ස්ථානය හීමි කර ගැණීමට ඔස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරු මානස් ලැබුෂේන් සමත්විය. ඒ දෙවැනි අඩුම ඉනිම් සංඛ්‍යාවකින් මෙම සීමාව ඉක්මවමිනි.

තද වැසි හා තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත් සඳහා මෙම නිවේදනය වලංගු වෙයි. අද පෙරවරුවේ නිකුත් කළ මෙම නිවේදය හෙට පෙරවරු 10 තෙක් වලංගු වෙයි.

Read More

දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකම වායු දූෂණය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට ළගා වී ඇති හෙයින් හැකිතාක් නිවෙස්තුළටම වී සිටින ලෙස සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

තවදුරටත් මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැති බැවින් සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.

Read More

ඊයේ (8)පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ A කොටසෙහි සිර මැදිරි 46 පරීක්ෂාවට ලක් කොට ඇත. එහිදී පහත සඳහන් රැඳවියන් රඳවා සිටින සිර මැදිරි තුල තිබී පහත පරිදි ජංගම දුරකථන 04, චාජර් 01 , ඩේටා කේබල් 04 සිම්පත් 03 හා ඇඩැප්ටර් 01 හමුවී ඇත.

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රජයේ හා රජයේ ආධාර ලබන සියලු පාසල් අද දිනයේදී නිවාඩු ලබාදිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

මම ඉල්ලනවා වර්තමාන ඇමතිගෙන් මේ ගැන පරීක්ෂණයක් කරන්න. නැත්නම් අපි පරීක්ෂණයක් කරලා මේ පස් කපපු ඇමතිට සිංහල කාලයේ දඩුවම් දෙනවා. මේ අගලට දාලා අපි අනිවාර්යයෙන් පස් ගහහනවා. ඒ නිසා අනිවාර්ය පරීක්ෂණ කරන්න.

Read More

ප්‍රවීණ ගායක නුවන් ගුණවර්ධන මහතා අද (8) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ජීවිතයෙන් සමුගත්තේය. හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා ඔහු රෝහල් ගත කර ටික වේලාවකින් මෙලෙස සමුගන්නට සිදුවිය.

Read More

වාරික නොගෙවූ යතුරුපැදියක් රැගෙන යාමේදී කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක තල්ලුකර ඇදවැටී රෝහල් ගතකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සීසර්වරයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව මේ වන පත්ව ඇති ආර්තික අර්බුදයට හේතු සොයා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට තීරණය කළ බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

දැන් මට පෙනෙන විදිහට අප්‍රේල් මාසය වෙන විට මහ කන්නයේ හොඳ අස්වැන්නක් ලැබෙනවා. ඒකත් ප්‍රශ්නයක්. මොකද අපිට ගිය යල කන්නයෙත් කොටසක් ඉතිරි වෙලා තියෙනවා. ඊට කලින් මාස් කන්නයෙත් කොටසක් තියෙනවා. දැන් වී අතිරික්තයක් තියෙන තත්තවයට යන්න පුළුවන්.

Read More

2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 80ක් හිමිවිය.

Read More

මාර්තු මාසයේ ණය ගෙවමින් භාණ්ඩ හිගයක් තිබුණා. අපි ණය ගෙව්වානම් මාර්තු මාසයේ හිටියට වඩා ආර්ථිකය බරපතලයි. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා මාර හාස්කමක් කළා වගේ විසුලු කථා කියන්න එපා.මේ ආර්ථිකයේ සමනය තත්ත්වයක් නෙමෙයි පරණ තිබුණ ගැඹුර උඩින් කඩදාසියකින් වසා තිබෙනවා.

Read More

ලබන වසරේ ජනවාරි මාසය වන විට විදුලි ගාස්තු සංශෝධනයකට යා යුතු බවත් එසේ නොවුණ හොත් අඛණ්ඩ විදුලි සැපයිම ගැටලුවක් විය හැකි බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට මේ වන විටත් සමාගම් 6ක් සූදානම් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

Read More

අසර්බයිජානය හරහා ප්‍රංශයට යාමට උත්සහ දැරූ පුද්ගලයන් හත් දෙනෙකු හා එම ජාවාරම මෙහෙයවූ කහතුඩුවේ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය හා ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් අද (8) තැපැල් දුම්රිය දෙකක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කරන බවත් ඊට සමගාමීව 8 ශ්‍රේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

Read More

බඩඉරිඟු වගාවට හානි කරන සේනා දළඹුවා මෙවරත් දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවලින් වාර්තා වුවද , බඩඉරිඟු වගාවට විශාල හානියක් සිදුවීමට ඉඩක් තවමත් නොමැති බව කෘෂි තාක්ෂණික අංශ අවධාරණය කරයි.

Read More

රාගල - නුවරඑළිය මාර්ගයේ බෘක්සයිට් ප්‍ර දේශයේදී රාගල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රි රෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කළ පුද්ගලයෙක් ඒම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

මහින්දානන්ද අලුත්ගමගේ - මන්ත්‍රීතුමා මම කිව්වේ ජනාධිපතිවරයාට වාර්තාවත් බාර දීලා තියෙනවා. ඒ වාර්තාව සභා ගත කරන්න කියලා. ඒ වාර්තාවෙන් ඔබතුමා කියන අය නිවරදි වේවි. පාර්ලිමේන්තුව ඉවර වෙලා යන විට ඔය කියන හමුදා ප්‍රධානිනයයි ඔබතුමයි අතර සිදුවුණ දුරකතන සංවාදය ගැනත් අපි දන්නවා. අපි කියන්නේ වාර්තාව සභා ගත් කරන්න කියලයි. සරත් ෆොන්සේකා - ඔබතුමා කියන ඒවා වාර්තාවේ තියෙනවනම් ඒක සභාගත කරන්න. හිටපු හමුදා ප්‍රධානයෙන් ජනපති අගමැති වෙන්න කථා කලාලු. ඔබතුමයි අගමැ

Read More

මන්ත්‍රීවරුන් තීරණය කරන්න ඔ්න මොකද කරන්නේ කියලා. මේ වගේ හිතලා ඉදිරියට යන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. ජනතා කොමිෂමක සභාපති ලෙස ඔබ දැන ගන්න ඔ්න කොහොමද හැසිරෙන්නේ කියලා. ඒච්චරයි මම කියන්නේ. මටත් එහෙම එකක් තිබුණනම් මමත් කැමති නෑ විදුලි බිල වැඩි කරන්න. මට දැන් ගෙයක් නෑ.

Read More

ආණ්ඩුවට ආදායමක් නෑ. මුදල් මුද්‍රණය කරන්නද? එතකොට රුපියල බාල්දු වෙනවා. ඒහෙනම් වැට් වැඩි කරමු. වැට් වැඩි කරලා වැඩි කරලා අන්තිමට ඒකත් ප්‍රශ්නයක් වෙනවා. තුන්වෙනුව තියෙන්නේ ගාස්තුව වැඩි කරන්න. අපිට පුළුවන් විදුලි කප්පාදුවක් කරන්න. මම ඒ්කට කැමති වුනේ නෑ. උසස් පෙළ තියන්න තියෙනවා. මට දෙමාපියෝ කිව්වේ මොකක් කළත් කමක් නෑ විදුලි බලය නවත්වන්න එපා කියලයි. අපි මේ ගැන කථා කළා. කවුරුවත් කැමති නෑ මේවා වැඩි කරන්න. අපි දේශපාලනයේ ඉන්නේ. මොකක්ද අපිට තියෙන විකල්පය.

Read More

ජපානයේ ගුවන් ගමන් බලපත්‍රය ඉතා බලවත් ගුවන් ගමන් බලපත්‍රයක් ලෙස පිළිගන්නවා. ජපනුන් කොහේ හරි සංචාරයකට යනවනම් රටවල් දෙකක් හැර ඔවුන් ලෝකයේ වෙන කොහේ හරි රටකට යනවනම් වීසා අයදුම් කරන්නෙ නෑ.

Read More

උසස් පෙළ සමයේ විදුලිය නොකපා සිටීමට දැඩි උත්සාහයක් ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

නාගරික සංවර්ධන වැඩසටහන් හා නිවාස සංවර්ධන වැඩසටහන් කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

නෙලුම් කුලුන වෙනුවෙන් ලබාගත් ණය පැහැර හැරීමක් නොකර ගෙවා ඇති බවත් 2024දී පැමිණෙන ඩොලර් මිලියන 18ක ණය වාරිකය ගෙවා දැමීමෙන් පසුව ණය ගෙවා අවසන් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය.

Read More

ලෝක ප්‍රකට BBC පුවත් සේවය විසින් වාර්ශිකව ප්‍රකාශයට පත්කරන ලෝකයේ බලපෑම් කළ හැකි කාන්තාවන් 100 ලැයිස්තුවට අදාළව 2022 වසරේ ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකාවේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියද ඒක්ව සිටින්නීය.

Read More

විදුලි ජනනය සඳහා ගල්අඟුරු පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් ගල්අඟුරු නෞකා 24 ක් ජනවාරි මස සිට අප්‍රේල් මස 20 වැනිදා දක්වා කාලය තුළ ලැබීමට නියමිත බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පවසයි.

Read More

කොළඹ නගරයේ වායු දූෂණය සෞඛ්‍යයට අහිතකර මට්ටමට පැමිණ ඇති බව ජාත්‍යන්තර දර්ශක වලින් දැක්වෙයි. මෙම දර්ශකය අනුව පෙරේදා, ඊයේ හා අද දිනයේදී කොළඹ වායු දූෂණය ඉහළ මට්ටමක පවතින බව දැක්වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.