2023 පෙබරවාරි මාසයේදී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා ජාත්‍යන්තර සංචාරකයින් 11,926 දෙනෙකුට පහසුකම් සලසා ඇතැයැ එම ගුවන් තොටුපොළ පවසයි. ඒ අනුව ගුවන් තොටුපොළ හරහා පෙබරවාරි මාසයේදී පැමිණීම් 6259ක් හා පිටත්වීම් 5667ත් සිදුකර ඇතැයි ගුවන් තොටුපොළ සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.
පළමු බිත්තර තොගය මේ සතියේදී ආනයනය කිරීමට හැකිවෙනු ඇතැයි වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
Read Moreඇමරිකා එක්සත් ජනපදය සහ එහි වැසියන් වෙනුවෙන් සිදුකරන ලද ආගමික හා සමාජීය සේවාව ඇගයීමට ලක්කර, උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ, විහාරාධිපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් 2022 වසරේ ’’ LIEFTIME ACHIEVEMENT AWARD ’’ ගෞරව සම්මානය ප්‍රදානය කරන ලදි.
Read Moreදරුවෙක්ව ලබා ගැනීමට නොහැකි කෙනෙක් සිටිනවානම් එම දරුවන්නව භාරදීමේ ස්ථාන නිර්මාණය කළ හැකි නම් එය හොඳ දෙයක් බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය.අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කීවාය.
Read Moreමේ වන විට වර්ජනයක නිරතව සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දත්ත වෛද්‍යවරුන්ගේ සංගමය හා තවත් වෘත්තීය සමිති කිහිපයක් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreපාස්කු ප්‍රහාර නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති අභියාචනා විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13දා) දින නියම කළේය.
Read Moreරුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350 ක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි මැසිඩෝනියානු ජාතිකයෙකු අද (13දා) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.
Read Moreඋසස් පෙළ විභාගය සාර්ථක ව පවත්වා අවසන් කළ ද උත්තර පත්‍ර පරීක්ෂාව සති දෙකකින් පමා වීම නිසා සාමාන්‍යයෙන් විභාග දෙකක් අතර පැවතිය යුතු මාස තුනක පමණ කාල පරතරය අඩු වීමෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය පවා බොහෝ විට කල් යාමට ඉඩකඩ පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු දෙකක තියුණු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් අවසන් මහ තරගයට පිවිසීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට තිබූ බලාරොත්තුද ඈත්ව ගියේය.
Read Moreඅලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් විලාන පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේදී 26 හැවිරිදි තරුණ කාන්තාවගේ ඝාතනය ගෙළ හිර කිරීමෙන් සිදු කළ මරණයක් බව ඒ සම්බන්යෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට අදාළව අධිකරණයේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව වරෙන්තුවක් නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
Read Moreබදුල්ල ස්ප්‍රිංවැලි වත්තේ නහවිල කොටස් පදිංචිව සිටි 16 හැවිරිදි පාසැල් ශිෂ්‍ය යෙක් දින 26 ක් තිස්සෙ අතුරුදන්ව ඇතැයි දෙමාපියන් පවසති. ඔහුගේ පියා විසින් මේ පිළිබදව බදුල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.
Read Moreශ්‍රී ලංකා- චීන ආර්ථික , අධ්‍යාපන සහ සංස්කෘතික සංගමය ස්ථාපනය කෙරේ. බෙයිජිං අගනුවර තානාපති කාර්යාලයේ දී එහි සමාරම්භක හමුව පසුගියදා (11) පැවැත්විණ.
Read Moreවිදෙස් සංචාරයක් සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙතට පැමිණි හිටපු අමාත්‍ය මහින්දානන්ද මහතාට විදෙස් ගමන් තහනමක් පවතින බවට සඳහන්වීමෙන් ඔහුව කටුනායකින් ආපසු හරවා යාමේ සිදුවීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකගේ රාජකාරී අත්හිටුවා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මානවඩුගේ අසංක නොහොත් පරිප්පුවා නැමැත්තා ඉලක්ක කරගෙන වැල්ලම්පිටිය කොටුවීල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.
Read More’’පක්ෂයක් ලෙස විවේචන භාරගන්න අපි නිතර සූදානම්.නමුත් මඩගහන එකට අපි විරුද්ධයි.ඔප්පුකිරීමට නොහැකි දේවල් ප්‍රකාශකරමින් ජනතාව මුලාකිරීමට විපක්ෂය කටයුතු කරමින් සිටිනවා.ගමේ මිනිස්සු හැමදාම සිටියේ අප සමඟයි.කිසිවිටෙක ඔවුන් අප හැරදමා නොයන බවට දැඩිවිශ්වාසයක් තිබෙනවා.ඉදිරි මැතිවරණ වලදී නගරයේත් ගමේත් සියලුම ජනතාව ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමට පියවරගන්නා බව සක්සුදක්සේ පැහැදිලි’’
Read Moreනිල හිස් වැසුම් අතේ රඳවා ගෙන යාම සහ ආචාර නොකිරීමේ සිද්ධියක් මුල් කරගෙන පොලිස් කොස්තාපල්වරියන් සිව් දෙනකුට දෙනෝ දහසක් දෙනා බලා සිටියදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පානදුර නගර මධ්‍යයේදී බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නිලධාරියාට එරෙහිව විමර්ශනය පැවැත්වෙන්නේ ද? යන්න සොයා බලා පවසන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසිය.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය අප්‍රේල් මාසයේදී ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. ගම්පහ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreචීනයේ ප්‍රධානම සමාගම් ද්විත්වයක් වන සිනෝපෙක් සමාගමේ හා චයිනා මර්චන්ට් සමාගමේ නියෝජිතයන් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටියි.
Read Moreගැටුමක් හේතුවෙන් තුවාල ලබා පලා යමින් සිටි පුද්ගලයකු ගමන් කරමින් සිටි කාර් රථයක් ජා-ඇල නගර මධ්‍යයේ දී අනතුරකට ලක් වීමෙන් පසු රථය පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී පකිස්ථානයේ නිශ්පාදිත එම්. පි 5 වර්ගයේ රන් ආලේපිත ගිනි අවියක් සොයා ගත් බව ජා-ඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් බාලසූරිය මහතා ප්‍රකාශ කළහ.
Read Moreපොල්ගස්ඕවිට හල්පිට බැංකු නිලධාරිනියකගේ නිවසේ මෙහෙකාර සේවයට ගොස් රුපියල් ලක්ෂ 12ක රන් භාණ්ඩ සොරා ගත් කාන්තාව සහ ඒවා උකස් කළ බව කියන සැකකාරියගේ දියණියන් දෙදෙනා සහ පුතා අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.
Read Moreඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS - 18)’ යුද නෞකාව, 2023 මාර්තු මස 11 වන දින උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreරුපියල් බිලියන 300 ක වාර්තා ගත බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ සතියේදී සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකව සූදානම් වෙයි. රජයේ එදිනෙදා වියදම් පියවා ගැනීම මෙන්ම අඩු බදු ආදායම් හේතුවෙන් මෙම වෙන්දේසිය සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreලංකා විදුලිබල මණ්ඩලයේ පැවති මූල්ය අර්බුදය හේතුවෙන් ප්ර මාද වී ඇති නව සබදතා 36000 ක් පමණ සති 6ක කාලයක් තුළ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව විදුලිබල සහ බලශක්ති අමාත්ය ගරු කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ පැවති අමාත්යාං ශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.
Read Moreමිනගයා රාත්‍රී දුම්රිය වැසිකිළිය තුළදී බිළිඳු දරුවා දමා ගිය කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
Read Moreමෙම ඓතිහාසික අවබෝධතාවට අත්සන් තැබීම චීනයේ බීජිං නුවරදී සිදුව ඇති අතර, ඉදිරියේදී දෙරටේම විදේශ අමාත්‍යවරුන් හමුවී වැඩිදුර සාකච්ඡා කිරීමටද මේ යටතේ නියමිතව තිබේ.
Read Moreපේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කන්දේ නිධන් හාරමින් සිටි බව කියන චීවරධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreවිදෙස් ගත ශ්‍රමිකයන් පසුගිය පෙබරවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු් ඩොලර් මිලියන 407.4ක ප්‍රේෂණ යොමුකර ඇතැයි විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
Read Moreමධ්‍යම පළාතේ පාසල් සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් තෙවන වාරයේ විභාගයේ විෂයන්ට අදාළව සකස් කරන ලද විභාග ප්‍රශ්න පත්තර පිළිතුරු පත්‍ර ද සමඟ කල්තියා පිටවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස මහතාගේඋපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
Read Moreරාජ්‍ය අංශයේ සේවකයින් සඳහා අතිරේක දීමනාවක් මේ වසරේ සිව්වන කාර්තුවේදී ලබාදීමට රජය සලකා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ආර්ථික තත්ත්වය තක්සේරු කිරීමෙන් පසු මෙම මුදල් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි.
Read More