ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රඳවාගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාවට අග්‍රාමාත්‍ය කාර්ලායලය අසළදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරිමට පො
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව පනත් කෙටුම්පත් 8 ට ඊයේ (17) සිය සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
Read Moreබැංකු මගින් ඩොලර් රුපියල්වලට මාරු කිරීමේදී ප්‍රමාදයන් වීමට හේතුවන කිසිදු උපදෙසක් මහබැංකුව ලබා දී නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හහතා පැවැසිය.
Read Moreමෙම පාලම නිසා දැන් වෙන්ටියැන් මොඩියුලයේ සිට ටියාන්හේ මූලික හෝ මෙන්ටියැන්ග් මොඩියුලය වෙත පහසුවෙන් එහා මෙහා යාමට හැකි වනු ඇති අතර, ඔවුන්ට අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ගමන් කළ හැකි දුර දෙගුණ වී තිබේ.
Read Moreවිශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙක්ගේ සිරුරක් කළුතර නිවසක විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී අද (18දා) උදෑසන හමුවූ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
Read Moreසාලියපුර ගජබා රෙජිමේන්තුවට අයත් ශ්‍රි ලංකා යුද හමුදාවේ මේජර්වරයෙක් ඇතුළු තිදෙනෙක් ඊයේ රාත්‍රි යේ සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreවයස අවුරුදු 42 ක කාන්තාවක සහ 7 සහ 4 වියැති ඇයගේ කුඩා දරුවන් දෙදෙනා බලහත්කාරයෙන් නිවසක සිරකර ගෙන සිටී වැලිපැන්න පොලිසියේ සැරයන්වරයෙකු සහ ඔහුගේ බිරිඳ අද (18) අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
Read Moreපසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සදහා අය කරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreමීට මාස දෙකකට පෙර 70%ක අගයක පැවති සාමාන්‍ය උද්ධමනය මේවන විට 66% දක්වා අඩුවී ඇති බවත් 95% ක පැවති ආහාර උද්ධමනය 85% දක්වා අඩුවී ඇති බවත් මහබැංකු අධිපතිවරයා පැවසීය.
Read Moreමිනුවන්ගොඩ , ජාපාලවත්ත ප්‍රදේශයේදී අද (18) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය හා පාතාල සාමාජිකයන් දෙදෙනෙකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජිකයන් දෙදෙනා මියගොස් තිබේ. පෝද්දල පදිංචි පාතාල සාමාජිකයන් දෙදෙනකු මෙසේ මියගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍ර දේශවලට අද දිනයේදි වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව පවසයි. කෙසේ වෙතත් උතුරු හා නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ක්‍රියාත්මක නඩු විභාගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන වට ඔස්ට්‍රේලියානු ඩොලර් 380000ක් (ශ්‍රි ලංකා රුපියල් ලක්ෂ 96ක්) පමණ ගෙවා ඇතැයි ඩේලි මිරර් පුවත් සේවය පවසයි.
Read Moreනොවැම්බර් මාසයේ මුල් දින 15 තුළ සංචාරක පැමිණීම් 27,213 ක් වූ අතර, වසර සඳහා සංචාරක පැමිණීම් ලක්ෂ 6 ඉක්මවා යාමට ආසන්න දුරකින් ශ්‍රී ලංකාව පසුවෙයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව ජනවාරි 01 සිට නොවැම්බර් 15 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 595,471 ක් පැමිණ තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය පොත් පත් මුද්‍රණය කර ලබා දෙන බව ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණ කළේය. පොත් පත් සඳහා අවශ්‍ය කඩදාසි එම මුද්‍රණ ආයතකන විසින් ආනයනය කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට සහ නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා රජය කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට රුපියල් මිලියන විසිපහක වන්දියක් ගෙවන ලෙසට අර්ජුන රණතුංග මහතා ට ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණය අද (17දා) නියෝග කලේය.
Read Moreදේශගුණික විපර්යාස පිළිබඳ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර උපදේශක ලෙස පත්කර ඇති මාලදිවයිනේ කථානායක මොහොඩම් නෂීඩ් මහතාට ඊජිප්තුවට යෑමට රජයේ මුදල් වැය නොකළ බව මුදල් අමාත්‍යාංශය දැනුම් දුන්නේ යැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreපාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වාර්තා දෙක පිළිබඳව එම කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.
Read Moreදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreචීනය සැමවිටම මිත්‍රයෙකු සහ හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාවට සංවර්ධනය කිරීමට සහාය දෙන බව චීනයේ විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන ජනතා සංගමයේ සභාපති ලින් සොංග්ටියන් මහතා පවසයි.
Read Moreවායු රයිෆලයකින් හිසට වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කර සිටි පස් හැවිරිදි පිරිමි දරුවා අද (17) උදෑසන මියගොස් ඇතැයි රෝහල් පොලිසිය පවසයි.
Read Moreමුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් අබලන් වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතාටත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාටත් කියන දේ කියන කරන දේ කියන ගුණය නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreමෙරට කාන්තාවන් 12දෙනෙකු සංචාරක වීසා මත ගෙන ගොස් ගණිකා වෘත්තිය සඳහා ඕමානයේ පැවති උත්සවයකදී ප්‍රසිද්දියේ වෙන්දේසි කර තිබෙන බවත්, මේ පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු කර ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය අඩුකිරීමක් කිරීමට චීනය සූදානම් නොමැති බවට ප්‍රකාශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවැසීය. අයවැය විවාදයට එක්මෙින් ඔහු මේ බව පැවැසීය.
Read Moreපෞද්ගලිකව කළ සාකච්ඡාවක තොරතුරු මාධ්‍යවල පළවීම සම්බන්ධයෙන් චීන ජනපති ෂී ජින්පින් මහතා විසින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ වෙත සිය විරෝධය ප්‍රකාශ කර තිබේ.
Read Moreඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට සිය ජීවිත කාලයට කිරිමට නොහැකිවූ දෙයක් 2023 අයවැයේ එක වාක්‍යයකින් කර ඇති බව හිටපු අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා කියයි.
Read Moreත්‍රිකුණාමලය ප්‍රදේශයේ බෙදාහැරීමට තිබූ ඩීසල් ලීටර් 13200 ක් ව්‍යාජ බලපත්‍රයක් සකසා බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවකට අධික මිළකට අලෙවි කිරීමට රැගෙන යමින් තිබූ බව්සරයක් සමග රියදුරු සහ සහයකයා අද (17) අලුයම අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
Read Moreරාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම දෙසැම්බර් මස 15 දා තෙක් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
Read Moreඔහුගේ ඇප කොන්දේසිවල කොටසක් ලෙස ධනුෂ්කට දිනපතා ඊස්ට්වුඩ් පොලිසියට වාර්තා කිරීමට සිදුවන අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය භාරදීමට සිදුවෙනු ඇත. එදේම ඔහුට ටින්ඩර් හෝ වෙනත් ආලය (Dating) යෙදුමක් භාවිත කිරීමට අවසර නැති අතර, සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ විය හැක්කේ නීතිමය නියෝජිතයකු ඉදිරියේ පමණි.
Read More