saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 4421 hours ago

LATEST

සීදූව වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

calendar_today 2022 දෙසැ 23 - 10:31 remove_red_eye - 345  

සීදුව - කොටුගොඩ මාර්ගයේ යතුරු පැදියකින් පැමිණ මාර්ගය අසළ නවතා තිබූ යතුරු පැදි කරුවෙකුට යතුරු පැදියකින් පැමිණි තවත් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

සීෂෙල්ස් රාජ්‍යයේ රැකියාවක් සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන අයෙකු ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිකර කූට අයුරින් සංචාරක වීසා මගින් ඕමාන් රජයේ ගෘහ සේවයට කාන්තාවක් විදේශ ගතකිරීමට උත්සහ කල ඒජන්සි ආයතනයක හිමිකාරිනිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ (22දා) දින අත්අඩංගුවට ගෙන ඇත.

Read More

තෝඩුවාව මුහුදේ දිය නෑමට ගිය 11 හැවැරිදි පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. තෝඩුවාව පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන්මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය.

Read More

මේ වන විට අප රටේ බරපතළ ඖෂධ හිඟයක් පවතින බවත් රෝහල්වල මෙන් ම ෆාමසිවලත් බෙහෙත් නොමැති බවත් එසේ බෙහෙත් නොමැතිව වැඩිහිටියන්, මව්වරුන්, දරුවන් ආදී පුරවැසියන් රැකගන්නේ කෙසේද? යන්න තමා ප්‍රශ්න කරන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ මුදලට ගන්න හෝ බෙහෙත් නොමැති අවස්ථාවක බෙහෙත්වල මිල ඉතා ඉහළට ගොස් ඇති බව යි.

Read More

බස්නාහිර පළාතේ රෝහල්වල හිඟව පවතින අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග බාහිරින් මිලදී ගැනීම සඳහා අනුමැතිය හිමිවේ.

Read More

මාක්ස්පුත්‍රයින්ගෙන් බුද්ධපුත්‍රයින් බේරා ගැනීමට සමස්ත සමාජයම පෙරට පැමිණිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (22ා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

Read More

ජාතික ශිෂ්‍යභට බලකායේ සංවර්ධනය කටයුතු සඳහා රුපියල් මිලියන 5ක ආධාරයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඊයේ (21දා) ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ලබාදෙන ලදි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා ඉන්දියාවේ හා චීනයේ මූල්‍ය සහතික ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් සිටින බව ශ්‍රී ලංකා මහ බැංක අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Read More

මහජන ආරක්ෂක ආඥාපනතේ ජනපතිවරයාට පැවැරී ඇති බලතල අනුව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ් ඒ් දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරණයන්හි ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදාවන සියලුම සාමාජිකයන් කැඳවමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අද (22දා) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතයට සුදුසු හැසිරීමක් අනුගමනය කරන ලෙස ඉන්දීය රජයේ නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමුවන අදියර අද (22දා) බ්‍රහස්පතින්දායින් අවසන් බවත් තෙවන වාරයේ දෙවන අදියර 2023 ජනවාරි 02 වන සඳුදායින් ආරම්භ වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

Read More

ලබන වසරේ ජනවාරි මස සිට විදුලි බිල්පත දුරකථන කෙටි පණිවිඩයක් මගින් (එස්.එම්.එස්.) දැනුම්දීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

මට කියනවා දැන් ගෙදර යන්න කියලා , මට එක ප්‍රශ්නයයි තියෙන්නේ ගෙදර ගිනි තිබ්බ නිසා යන්න තැනක් නැ ඒ නිසා මෙතන ඉදන් රට ගොඩ ගන්න හදනවා. මේ ක්‍රමය සම්පුණයෙන්ම වෙනස් කරන්න ඕනි. ඒක තමයි ජනතාව ඉල්ලන්නේ, ඒ නිසා අපි කරපු වැරදි හදාගෙන රට හරි තැනට ගෙනියන්න ඕනි

Read More

මතුගම පාසලක සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාවක් සඳහා ගමන් කරන අතරතුර වරකාපොල ප්‍රසිද්ධ හෝටලයකින් ආහාර ලබාගැනීමෙන් අනතුරුව ඒවා විෂවී ප්‍රතිකාර සඳහා වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රතිසංස්කරණයක් ඇති කළ යුතුයි. කවදාවත් හිතන්න එපා දේශපාලකයෝ රටේ ගෞරවනීයම මිනිස්සු කියලා. දකුණු කොරියාවේ ඕනෑම රාජ්‍ය ආයතනයකට එන සෑම පුද්ගලයෙකුටම රාජ්‍ය නිලධාරීන් ආචාර කිරීමට පුරුදුව සිටියද ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්

Read More

පානදුර මුහුදු වෙරළට අද (22දා) පස්වරු 2.00 ට පමණ ඩොල්ෆින් මත්සයින් තිදෙනෙකු ගොඩගසා සිටි බවත් ප්‍රදේශවාසීන් විසින් නැවත මුහුදට යොමුකළ බවත් පානදුර දකුණ පොලිසිය පවසයි .

Read More

එළවළු පැල සහිත පෝච්චි 2000කින් සමන්විත නත්තල් ගසක් ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල වට රවුමේ නිර්මාණය කර තිබේ.

Read More

මේ රටේ අවස්ථාවාදී දේශපාලුවන්ට ඕන වී ඇත්තේ රට හැදීමට නොව පක්ෂය දියුණු කරගෙන රට විනාශ කිරීමට බව පැවිදි හඩ සංවිධානයේ සභාපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.

Read More

මේ මුළුදේශපාලන ක්‍රමයම අද එපා වෙලා තියෙන්නේ , අවුරුදු 75ක් ගිහින් මේ වැටුණු තැනට අපි ඔක්කෝම වගකියන්න ඕනි කියලා හිතෙනවා. තරුණයොත් අද දේශපාලනයෙන් ඈත් වෙලා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

නත්තල් උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර 8ක් එක්කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී සෙනෙවිරත්න මහතා පවසයි.

Read More

ඉන්දිය රජය විසින් ශ්‍රී ලංකා පොලිසියට ජීප් රථ 125ක් ලබා දීම බත්තරමුල්ල සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශ රථගාලේදී සිදු කෙරිණි.

Read More

රැස්වීමක් නිශ්චිත වේලාවකට සැලසුම් කර ඇත්නම්, එය එම අවස්ථාවේදීම ආරම්භ විය යුතුය. එවැනි ඇමතිවරුන්ට එය කළ නොහැකි නම්, එවැනි පුද්ගලයින් හමුවීමෙන් ඵලක් නෑ.

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත යටතේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවැරී ඇති බලතල අනුව ඒ ඒ පරිපාලන දිස්ත්‍රික්ක සඳහා තේරීම්භාර නිලධාරීන් හා සහකාර තේරීම්භාර නිලධාරීන් පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

පට්ටිපොල හා බොරලන්ද අතර ඉදිකිරීමට යෝජිත කේබල් කාර් ව්‍යාපෘතිය කඩිනමින ආරම්භ කරන ලෙස ජනපත් රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. නුවර එළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ජනපතිවරයා අද (22දා) මෙම උපදෙස් ලබාදුන්නේය. මෙම කේබල් කාර් ව්‍යාපෘතිය හරහා ලෝකාන්තය නැරඹීම වඩාත් පහසුකරවීමට නියමිතය.

Read More

එළැඹෙන 26 දා දිනයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

Read More

කොටස් වශයෙන් ආනයනය කොට එකලස් කරනලද අධි ඇන්ජින් ධාරිතාවය සහිත යතුරු පැදි හයක් අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.

Read More

දේශීය ටින් මාළු කර්මාන්තයට බලපා ඇති ගැටලු හා දේශීය ටින් මාළු පාරිභෝගිකයන් තුළ භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින් ටින් මාළු කර්මාන්තකරුවන්ට බලපා ඇති ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙආරච්චි සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (21දා) ධීවර අමාත්‍යංශයේ දී

Read More

වළගම්බා රජ්ජුරුවන්ට අයත් බව පවසා රැගෙන ආ පෞරාණික බවක් පෙනෙන අසිපතක් විකිණීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් එම අසිපත සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.

Read More

මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක පවතින සහල් මෙට්‍රික් ටොන් 21 ක් සත්ව ආහාර සැකසීම පිණිස ඒකල ප්‍රදේශයේ ගබඩාවක තිබියදී අත්අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.