saravita-anim2

2026 ජනවාරි මස 19 වන සඳුදා

2026 ජනවාරි මස 19 වන සඳුදා

Latest News - timelapse 4358 hours ago

LATEST

කෝප් නිර්දේශ තුට්ටුවකට මායිම් නොකළ රාජ්‍ය ආයතනය

calendar_today 2023 අප්‍රේ 26 - 19:42 remove_red_eye - 689  

2023 මාර්තු 07 වැනි දින පැවති කෝප් කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව පිළිබඳ සාකච්ඡාවටලක් කරන ලද කරුණු සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකරන ලෙස කෝප් කමිටුව දිගින් දිගටම අවධාරණය කළද ඒ පිළිබඳ කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබීම පිළිබඳව කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත්බණ්ඩාර මහතා ඊයේ (25දා)

පවතින අධික උෂ්ණය නිසා තාප කම්පනයට පත්වීමෙන් මිය ගිය බවට සැක කරන තෙවන මරණයත් එප්පාවලින් අද (26) වාර්ථා විය.

Read More

2022 මැයි 09 වන දින ප්‍රථම සැලසුම ලෙස අරගලය සිදුකල බලවේග සිදුකිරීමට සැරසුනේ එවකට සිටි විධායක ජනාධිපති ප්‍රමුඛ හමුදා ප්‍රධානීන් ජනාධිපති මන්දිරය තුළ ඝාතනයට ලක්කිරිමට බවත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාවේදී ඉන්දියානු සංචාරයකට සහභාගී වී සිටි බවත් එය සැක සහිත කටයුත්තක් බවත් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය පදනම් විරහිත බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

‘ප්‍රබන්ධයක්’ ලෙස සැලකිය හැකි මන්ත්‍රීවරයෙක් විසින් රචනා කරන ලද ග්‍රන්ථයකින් පදනමක් නොමැති අසත්‍ය පතුරුවා ඇති බවත් ඒ පිළිබඳව තමන් කනගාටුවන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චුංග් මහත්මිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ඉන්ධන ව්‍යාපාරයට මැයි මස මැද දිනයක ගිවිසුම්ගත වීමටත් ජුනි මස පළමු සතියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමටත් RM Parks-Shell සමාගමේ නිලධාරීන් එකග වී තිබේ.

Read More

අයි.එම්.එෆ්. විවාදයේදී එයට පක්ෂව ඡන්දය භාවිත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන මනෝරාජිකව අදහස් පළ කළද, මහ පොළොවේ යතාර්ථය වෙනස් බවත්, ඒ අනුව අවසානයේ ජයගනු ලබන්නේ, මහපොළොවේ යතාර්ථය බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

මෙරට ආර්ථිකය ගොඩගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙනත් කිසිවෙකු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බැවින් මෙම ගිවිසුමට පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂ එක්ව අනුමැතිය ලබාදීම සිදුකරන ලෙස ඉල්ලීම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ආර්ථික අර්බූදය හමුවේ රනිල් සූත්‍රය ක්‍රියාත්මක කිරීමට යෑමෙන් සිදු වන්නේ ආර්ජන්ටිනාවට සිදුවූවාක් මෙන් අර්බූදයෙන් ගොඩ ඒමට නොහැකි වීම බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාරයට එක් වන සිනොපෙක් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් හා අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් පවත්වා තිබේ.

Read More

කොරියානු රැකියා සඳහා 6500ක රැකියා කෝටාවක් මේ මෙරටට ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000ක් කොරියානු රැකියා සඳහා බඳවා ගන්නා බවට අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමග අද (26) උදෑසන කළ සාකච්ඡාවකදී කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා එකගතාවය දක්වා ඇත.

Read More

ශ්‍රී ලංකාවේ තරුණ ගොවි සමාගමක් විසින් ප්‍රථමවරට ඉදි කර ඇති Potato Chips නිෂ්පාදන සැකසුම් කර්මාන්ත ශාලාවේ ඉදි කිරීම් කටයුතු මේ වනවිට බණ්ඩාරවෙළ කහත්තේවෙල ප්‍රදේශයේ අවසන් කර තිබේ. කහත්තේවෙල ප්‍රදේශයේ තරුණ ගොවි මහත්වරුන් පිරිසක් විසින් පවත්වාගෙන යන කහත්තේවෙල තරුණ ගොවි සමාගම විසින් මෙම Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන හා අපනයන කටයුතු සිදු කරනු ලබයි.

Read More

මාතර ඇලවේල්ල ප්‍රදේශයේ දී දුම්රියේ හැපීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවියක් ඊයේ (25) රාත්‍රි ජීවිතක්ෂයට පත්ව ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

කොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන නිසා ඇතිවන නාගරික තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ බහු මහල් රථගාල් හතරක් ඉදිකෙරේ.

Read More

යාපනය පූතූර් මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්‍ය සේවයේ නිරත වෛද්‍යවරයෙකුට එල්ල වූ ජීවිත තර්ජනයක් හේතුවෙන් එම බෙහෙත් ශාලාවේ දෛනික ප්‍රතිකාර කටයුතු නවතා දැමීමට ඊයේ (25) දින සිට පියවර ගෙන ඇත.

Read More

රුපියල් විස්සක් වූ විට කිලෝවක මිල වට්ටක්කා ග්‍රෑම් 250 රු.5 ක් වැනි ඉතා කුඩා මිල පවතින බවද පෙන්වා දෙන ගොවීන් ආර්ථික සංවර්ධනය පිළිබඳව කතා කරන යුගයක මෙතරම් එළවළු පලතුරු පරිහානියට ලක් වන්නේ මන්දැයි ඔවුහු ප්‍රශ්න කරති.

Read More

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ජාත්‍යන්තර තරගයක් වසර පහක පමණ කාලයක සිට පවත්වා නැතැයි දඹුලු ක්‍රීඩාලෝලී හූ පවසති.

Read More

අද සවස 2න් පසුව දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු සුරක්ෂිතාගාරයේ තැම්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක් අඩංගු මුදල් බන්ඩලය අතුරුදන්වීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Read More

පසුගිය වසරේ මාතලේ දිස්ත්‍රික්කයෙන් ඒඩ්ස් ආසාදිතයින් 85ක් වාර්තා වි ඇති බව ඉකුත්දා පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි අනාවරණය විය.

Read More

උප්පැන්න සහතිකයක් නොමැති වීමේ හේතුව මත මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයන් සඳහා ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ක්‍රම වේදයක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදී තිබේ.

Read More

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සදහා දුම්රිය ස්ථාන ආශ්‍රිතව පාපැදි කුලී පදනම මත ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පිළිබදව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදි අවධානය යොමුවිය. මෙම කාරක සභාව ඊයේ (25) පාර්ලිමේන්තුවේදි රැස්විය.

Read More

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට ඊයේ සවස හදිසියේම ඇති වූ අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානා තුනක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි .

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

වෘත්තිකයන්ගෙන් අයකරන බදු පිළිබඳව ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් කිරීමෙන් පසුලැබෙන තීරණ මත දැනට ක්‍රියාත්මක වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය කරන බව විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.

Read More

මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගය නොපවත්වා එම සිසුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශය අනුව උසස් පෙළ කිරීමට ලබාදෙන ලෙස යෝජනාවක් ඉදිරිපත් කරන බව ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

Read More

බත්තරමුල්ල නගරයට බස් පර්යන්තයක් ඉදිකිරීම සදහා බත්තරමුල්ල කඩුවෙල මාර්ගයට ආසන්නයෙන් හදුනාගෙන ඇති ඉඩම කඩිනමින් නිදහස් කරදෙන ලෙස බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා අද (25) අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

Read More

මෙරට අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රමාණය 383 ක් වන අතර, ජිවිත ආරක්ෂක ඖෂධ ප්‍රමාණය 14 කි. එම ජිවිතාරක්ෂක ඖෂධ ප්‍රමාණය කිසිදු අඩුවකින් තොරව අඛණ්ඩව රට තුළ පැවැති බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට එම ඖෂධ සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇතැයි ද කීය.

Read More

තම බිරිඳගේ ඇඳුම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක්, ආරවුලක් දක්වා දිව දුරදිග ගොස් සිත් තැවුලට පත්ව සියදිවි හානි කරගත් සිවිල් ආරක්ෂක සෙබළකු ගේ සිරුරක් ඊයේ ( 24දා) සොයා ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.

Read More

බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සඳහා අද (25දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.