කින්නියා පොලිස් වසමේ සුරංගල්, තඹලගමුව මාර්ගයේ රතු පාලම ආසන්නයේ යතුරු පැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ අයිනේ තිබූ බෝක්කුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 5ක් වන දැරියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (29දා) මෙම අනතුර සිදුව තිබුණි. යතුරු පැදිය මියගිය දරුවාගේ පියා විසින් පදවා ඇති අතර එහි ගමන් කළ දැරියගේ මව තවත් දරුවෙකු තුවාල ලබා නොමැත.
දැරියගේ පියාද තුවාල ලබා තඹලගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා ත්රිකුණාමලය රෝහල වෙත මාරු කර යවා තිබේ.