අස්වැසුම සුබසාධක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටළුකාරී තත්ත්වයන් විසඳිමේ බලය ග්‍රාමීය කමිටුවලට පැවරිය යුතු බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය හිමිවිය.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙම යෝජනාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකර අනෙකුත් දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරවීමට තමන් කඩිනමින් කටයුතු කරන බවයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ පසුගිය සිකුරාදා (30) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.
“අස්වැසුම සුබ සාධන වැඩපිළිවෙලේ ලකුණු දීමේ වැඩපිළිවෙළ ගැන අදාළ අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරලා ක්‍රමවේදයක් හදන්න. ලකුණු දෙන විදිය ගැසට් වෙලා තියෙන්නේ.
සාමාන්‍යයෙන් අස්වැසුමේ පැමිණිලි තියෙන්නේ සියයට 20ට විතරයි. මට තේරෙන විදියට හැම දිස්ත්‍රික්කයකම තත්ත්වය ඕකයි. අගමැතිතුමා අභියාචනා භාරගන්නා කාලයත් දිගු කළා. ගමේ මිනිස්සුන්ට සිස්ටම් එකකට ලොග්වෙලා මේවා කරන්න අමාරුයි. ඒ නිසා සමහර තැන්වල සංවර්ධන නිළධාරින් මැදිහත් වෙලා මේ වැඩපිළිවෙළ සිදු වෙනවා. නමුත් මිනිස්සු රස්තියාදු වෙනවා.
මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න වගකීම පැවරුනේ දිසාපතිවරුන්ට. දිසාපතිවරුන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට වගකීම පැවරුවා. මම හිතන්නේ අභියාචනා විමර්ශනය කිරීමේ බලය ලිඛිතවම ග්‍රාමීය කමිටුවලට පැවරුවා නම් හොඳයි. වඩා සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමේ වගකීම ග්‍රාමීය කමිටුවලට පවරමු. අපි ඒ යෝජනාව අමාත්‍යංශයට අරිමු. ඒක චක්‍රලේඛයක් මගින් ප්‍රකාශ කරන්න කියලා. මේකට දේශපාලන සම්බන්ධයක් නෑනේ.
රජයේ වැඩපිළිවෙළක් නිළධාරින්ට කඩාකප්පල් කරන්න දෙන්න බැහැ. මිනිස්සු අවුස්සලා පාරට දාන්නේ නිළධාරින්මයි. කරන්නේ නැත්නම් අත්‍යාවශ්‍ය සේවාවක් කරනවද නැද්ද කියලා රජය තීන්දු කරාවි.
මේ වැඩපිළිවෙළට පළවෙනි වතාවේ සමෟද්ධි නිළධාරින් ආවේ නැහැ. ඒ වෙලාවේ අපිත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටියා. සමෟද්ධිය ලබන අයගෙන් සියයට 30,40ක් ඉන්නේ නුසුදුස්සන් කියලා අයි.එම්.එෆ් එකත් කියනවා. ඒක අපිත් කියනවා. ඒක නිවරදි වෙන්න ඕන. සමහර සමෟද්ධි නිළධාරින් ණය අරගෙන තියෙනවා ප්‍රතිලාභීන්ගේ නමට. මිනිස්සු කුලප්පු කරවලා විරෝධතා කරවන්නේ ඒ අය. එයාලට ඕන මේක අසාර්ථකයි කියලා පෙන්වන්න. සිස්ටම් චේන්ජ් කියන්නේ ඕක නෙවෙයි. මම යෝජනා කරන්නේම මේ වැඩපිළිවෙළ ග්‍රාමීය කමිටුවලට පවරන්න කියලයි.
අස්වැසුම සුබ සාධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් අරගෙන නෑ. අපි බලන්න ඕන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක විරෝධතා කියද, අභියාචනා කියද කියලා. විරෝධතා ප්‍රමාණය සියයට පහකට වගේ ගේන්න පුළුවන් නම් මිනිස්සු සෑහීමකට පත්වෙලා කියලා අපි හිතන්න පුළුවන්.
ප්‍රාදේශීය ලේකම්වරුන් ගම් මට්ටමින් මේ ගැන මිනිස්සු දැනවත් කරන්න. සමහරු සංවිධානාත්මක බොරු කියලා මිනිස්සු අවුස්සනවා. ආණ්ඩු විරෝධීන් මිනිස්සු පාරට බස්සන ක්‍රම හොයනවා. මේවා ගැන පොලීසියත් බුද්ධි අංශ දම්මලා හොයන්න ඕන.”