කරන්දෙණිය රාජ්ය බැංකුවක් ඊයේ රාත්රී කොල්ල කා ඇතැයි කරන්දෙණිය පොලීසිය කියයි. දෙදෙනෙකු විසින් බැංකු ශාඛාවේ ඉහළ මාලයේ ජනේලයක් බිද බැංකු ශාඛාවකට ඇතුලුවී ඇති බවත් අලවංගුවක් රැගෙන ගිය එක් අයෙක් එහි සේප්පුව බිදීමට උත්සහා කළ අවස්ථාවේදී එම බැංකු ශාකාවේ ආරක්ෂිත සංඥාව කියාත්මකවීමත් සමගම සොරුන් පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.
එම බැංකු ශාඛාවේ දොර ජනෙල්වල ආරක්ෂාවට දමා තිබූ ඉබ්බන් ද සොරුන් කඩා ඇති බව ද පොලීසිය කියයි. බංකු ශාඛාවකට ඇතුලුවූ සොරුන් සොරකම් කළ දෙයක් පිළිබදව තවම අනාවරණයවී නැති බව ද පොලීසිය කියයි. කරන්දෙණිය පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.