saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4218 hours ago

LATEST

ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පසුවිපරම් සාකච්ඡාවක්

calendar_today 2023 පෙබ 01 - 15:01 remove_red_eye - 196  

“ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ – ලෝක බැංකුවේ පූර්ව ක්‍රියාමාර්ග” පිළිබඳ පසුවිපරම් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගේ නියෝගයකට අනුව හලාවත ප්‍රාදේශීය සභාවේ ලේකම් ශ්‍රියානී ජයසිංහ මහත්මියට ලබාදී තිබෙන ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා තහනම් නියෝගයක් කළේය.

Read More

සත්කාරක දකුණු අප්‍රිකාව සමගින් පැවති දෙවැනි එක්දින තරගයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) නීතිරිති කඩකිරීමේ වරදට එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක සෑම් කරන්ට දඩ පනවා ඇත.

Read More

විදුලිය නිපදවීම වෙනුවෙන් වැඩිපුර ජලය මුදාහැරීමට අද (01දා) සිට හැකියාවක් නොමැති බව මහවැලි අධිකාරිය පවසයි.

Read More

නීතිවිරෝධී ආකාරයෙන් සිදුකරන ජංගම දුරකතන ආනයනය වැළැක්වීම වෙනුවෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජංගම දුරකතන ආනයනකරුවන් සමග මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

Read More

පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ චේතනාවෙන් පැදවූ ලොරිය යතුරුපැදියක හප්පා බරපතළ තුවාල සිදුකර පලාගොස් සැඟවී සිටි ව්‍යාපාරිකයෙකු දින පහකට පසු හොරණ වගවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

“කෙනෙක් සමාව ඉල්ලන්න ඕනේ වරදක් කළ ඒක පිළිගෙනනේ. හිටපු ජනපති සිරිසේන මහතා වරදක් කළා කියලා පිළිගන්නේ නෑ. ඔහු කියන්නේ තමන් පත්කළ නිලධාරීන් වරදක් කළ නිසා තමන්ට වන්දි ගෙවනන්නට සිදුව ඇති බවයි. එහෙම තත්ත්වයක් යටතේ ඔහුට සමාව ඉල්ලන්න සදාචාර නෑ. සමාව ඉල්ලීම හිස් වචන පමණයි. ඔහුගේ සමාව ඉල්ලීම අපට අදාළ වෙන්නේ නෑ.”

Read More

අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු තුනකට අදාළව ඔහුට අද (01දා) ඇප නියම කෙරිණි.

Read More

75 වැනි නිදහස සැමරීමේදී කළ යුතුව තිබුණේ පසුගිය වසර 75ක කාලය තුළ මේ රට කාබාසිනියා කරපු දේශපලාන පක්ෂ නායකයන් රටේ ජනතාවගෙන් සමාව ඉල්ලීමයි. අපි මේ නිදහස් උත්සවය උත්සවාකරයෙන් සැමරීම ප්‍රතික්ෂේප කරනවා. කතෝලික සභාව නියෝජනය කරන කිසිම කෙනෙක් එයට සහභාගී වෙන්නේ නෑ.

Read More

කටුනායක ඇවරිවත්ත නගරයේ පවත්වා ගෙන යනු ලබන ජංගම දුරකථන අලෙවි සැල් දෙකක් සහ නේවාසිකාගාරයක් බිඳ රුපියල් ලක්ෂ පහළොවක් වටිනා ජංගම දුරකථන සහ දේපළ සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක මාදුව ප්‍රදේශයේ නේවාසිකාගාරයක සිටියදී ඊයේ (31දා) රාත්‍රී කටුනායක පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි දේශපාලන කටයුුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීය.

Read More

නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 180 ක් පමණ නැගෙනහිර දෙසින් අක්ෂාංශ 8.4°N සහ දේශාංශ 82.9°E ආසන්නයේ කේන්ද්‍රගතව පවතින බවත් එය ක්‍රමයෙන් බටහිර දෙසට බරව නිරිත දෙසට ගමන් කරමින් 2023 පෙබරවාරි 01 (අද) පෙරවරුවේ දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය වෙතට ලඟා වෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

දේශපාලන කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරියක් වන වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාව සංචාරය ආරම්භ කරමින් මෙරටට පැමිණ තිබේ.

Read More

පාකිස්ථානු නාවික හමුදාව විසින් “සාමය සහ ආරක්‍ෂාව සඳහා එක්ව” (Together for Peace and security) යන තේමාව පෙරදැරිව අටවැනි වරටත් සංවිධානය කරනු ලබන බහු පාර්ශවික අමාන් - 2023 (AMAN - 2023) සාගරික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව ඊයේ දින (2023 ජනවාරි 31) කොළඹ වරායෙන් පාකිස්ථානයේ කරච්චි වරාය බලා පිටත් විය.

Read More

ජර්මන් ජාතික සංචාරක නියෝජිතයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ශ්‍රී ලංකාවේ දින 07 ක අධ්‍යයන චාරිකාවක් සදහා අද (01දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

Read More

2023 ඉදිරි යල කන්නයේ වී වගාව හා බඩඉරිගු වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (31) අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

Read More

එංගලන්ත පාපන්දු ඉතිහාසයේ ක්‍රීඩක හුවමාරුවකදි වාර්තා වූ ඉහළම ලංසුවට හිමිකරුවා වීමට ආර්ජන්ටිනාවේ යොවුන් ක්‍රීඩක එන්සො ෆර්නැන්ඩේස් සමත්විය.

Read More

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වනදා පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ. ඒ ඒ දිස්ත්‍රික්කය භාර තේරීම්භාර නිලධාරීන් විසින් මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

Read More

සෑම රාජ්‍ය අයතනයකම සේවක සංඛ්‍යාව අඩු කිරීම වෙනුවෙන් මේ දිනවල කටයුතු කරමින් පවතින බවත් කාර්ය භාරයක් නොමැති සේවකයන් වෙනුවෙන් ස්වයං විශ්‍රාම යාමේ ක්‍රමයක් සකස් කිරිමට කටයුතු කරමින් තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

2022 සැප්තැම්බර් මාසයෙන් පසු කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය අඛණ්ඩව පහළ ගිය සිව්වැනි මාසය ලෙස ජනවාරි මාසය සැලකෙයි.

Read More

පාසල් පෝෂණ වැඩසටහනේ ආහාර සැපයුම්කරුවන්ට ගෙවීමට තිබූ සියලුම හිඟ මුදල් ගෙවා දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට ජනවරමක් නොමැති බවත් ඔහුට තිබෙන්නේ හැටනව ලක්ෂයේ ජනවරම ඉදිරියට ගෙන යාම බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ඇතුළු පිරිසක් අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් ඇතුළු සංඝ සභාවට දැනුම් දුන්නේය.

Read More

ආර්ථික මධ්‍යස්ථානවල තිබෙන වෙළෙඳසැල් විශාල ප්‍රමාණයක් මුල් අයිතිකරුවන් විසින් විවිධ පුද්ගලයින්ට අතුරු බදු දී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන බාරව කටයුතු කරන නිලධාරින් හා වෙළෙද සංගම් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.

Read More

මෙහි වර්ග අඩි 678 ක නිවසක් (කාමර 2) රුපියල් ලක්ෂ 85 කි. වර්ග අඩි 850 ක නිවසක් (කාමර 3) රුපියල් ලක්ෂ 107 ක් වන අතර වර්ග අඩි 880 ක නිවසක් (කාමර 3) රුපියල් ලක්ෂ 111 කි. රාජ්‍ය සේවකයින් සදහා මෙහි නිවාස ලබා දී ඇත්තේ එකවර රුපියල් ලක්ෂ 10 ක් ලබා ගෙන ඉතිරි මුදල වසර 3 කින් ගෙවා අවසන් කිරීමේ පදනම යටතේයි.

Read More

පිපිරීමෙන් දිවි ගලවා ගත් පොලිස් නිලධාරියෙකු වන නසරුල්ලා ඛාන් පැවසුවේ කළු දූවිලි වළාවකට පෙර විශාල ගිනිදැල් පිපිරීමක් දුටු බව තමාට මතක බවය.

Read More

මාර්තු 09දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් 80,720 දෙනෙකු ඉදිරිපත්වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

බංග්ලාදේශයට ඩොලර් බිලියන 4.7 ක ණයක් නිදහස් කිරීම වහාම ආරම්භ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමැතිය ලබා දී තිබේ. ආර්ථික ගැටලු මධ්‍යයේ පසුගිය වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය සහාය ඉල්ලා සිටි රටවල් තුන අතරින් පළමුවෙන්ම අරමුදල් ලබා ගන්නා රට බවට මේ අනුව බංග්ලාදේශය පත්වෙයි.

Read More

රටක් ලෙස දරණ වියදම් ප්‍රමාණය සැලකීමේදී වසරකට වරක් පවත්වන නිදහස් දිනය වෙනුවෙන් රජය දරන්නේ ඉතා සුළු වියදමක් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු මුරලි විජේ අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත.

Read More

ශ්‍රී ලංකාවේ වැඩිම ආදායමක් උපයන යූටියුබ් නාළිකාව බවට ‘අපේ අම්මා’ යූටියුබ් නාළිකාව බවට පත්ව ඇතිබව ඇමෙරිකාවේ සූපශාස්ත්‍ර CashnetUSA.com වෙබ් අඩවිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.