හරක් කටාට උදව් කළ සී.අයි.ඩී. කොස්තාපල්ගේ නිවස සෝදිසි කරයි
අපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලි නායක නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාට පැන යැමට උදව් කිරීමට උත්සාහ කල බව කියන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයාගේ සේරැනුවර ඔහුගේ මස්සිනට දි තිබු ලැප්ටොප් පරිඝණකයන් හා ඉහල වටිනා කමකින් යුත් ජංගම දුරකථනයක් ඊයේ (13) අත් අඩංගුවට ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සමත්වුහ.
සැකකාර කොස්තාපල් (97402) රවිදු සංදිප ගුණසේකර නැමැත්තා මෙම ජංගම දුරකථනය හා ලැප්ටොප් පරිඝණකය තමන්ට ලබාදුන් බව මස්සිනා පවසා තිබේ. සැකකාර කොස්තාපල්වරයාවරයාගේ වැඩිමහල් සහෝදරියගේ විවාහක ස්වාමිපුරුෂයා වන මෙම මස්සිනාගෙන් ප්රශ්න කිරීමේදි මෙම භාණ්ඩ සගවා තිබියදි සොයගෙන තිබේ.
මේ අතර සැකකාර කොස්තාපල්වරයාගේ සේරැනුවර සිරිදූව පිහිටි නිවසද පරික්ෂා කර ඇති අතර අත් අඩංගුවට ගත් භාණ්ඩ සේරැනුවර පොලිසියට භාර දි තිබේ.
ත්රිකුණාමලය අමරජීව
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

