දුම්රිය එංජින් රියදුරන් පසුගිය 11වැනිදා ආරම්භ කළ වැඩ වර්ජනය අුද (13දා) දිනයේදීත් සිදු වූ අතර, මේ අනුව අද දිනයේදී දුම්රිය ගමන් වාර 128ක් අවලංගු කිරීමට සිදුවිය.
මේ නිසා මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත් වූ අතර, වැඩ වර්ජනයක් සිදුවුවත්, අද දිනයේදී දුම්රිය ගමන් වාර 139ක් කොළඹ හා ප්‍රා දේශීය මට්මින් ධාවනය කිරීමට හැකි වූ බව දුම්රිය බලධාරීහු සඳහන් කරති.
වැඩවර්ජනය ආරම්භ කළ 11වැනිදා මධ්‍යම රාත්‍රි යේදී දුම්රිය ගමන් වාර 48ක් හා ඊයේ (12දා) දිනයේදී දුම්රිය ගමන් වාර 118ක් අවලංගු වූ අතර, මේ අනුව 11වැනිදා මධ්‍යම රාත්‍රී සිට සිට අද වන විට දුම්රිය ගමන් වාර 294ක් අවලංගු වී ගොස් තිබේ.
දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ (12දා) දින ගැසට් නිවේදනයක්ද නිකුත් කළ නමුත්, ඒ පිළිබඳ නොතකමින් දුම්රිය රියදුරන් 84දෙනෙකු වැඩ වර්ජනයේ නිරතව සිටිති.
දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර තිබෙන නිසා වහාම සේවයට වාර්තා කරන ලෙසත්, එසේ නොකරන්නේ නම්, ඔවුන් සේවය හැර ගියා සේ සලකන බවට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් වැඩ වර්ජනයේ නිරිත පිරිස් වෙත දන්වා තිබේ.
දුම්රිය එංජින් රියදුරන් පිරිසක් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් නිරතව සිටියද, කොළොන්නාව තෙල් අංගණයේ සිට බණ්ඩාරනායක කටුනායක ගුවන් තොටුපොළ දක්වා හා වෙනත් ප්‍රදේශවලට අත්‍යාවශ්‍ය ඉන්ධන ප්‍රවාහන කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවද දුම්රිය බලධාරීහු සඳහන් කරති.
