මේ තිරපටේ තිබුුණේ මෙහෙම දෙයක් නෙමෙයි. හැකිනම් අපිව ඝාතනය කරන්න. ඓහෙම නැත්නම් අපිව වසර ගණනාවකට හිරේ දාන්න. හැබැයි ජනතාව කරපු මැදිහත්වීම ඇතුළේ මෙන්ම අධිකරණය ගෙන ආ තීන්දුව ඇතුළේ අපිව නිදහස් කළා.
මම කතෝලික සභාවෙන් සමාව ඉලලුවේ නෑ. කතෝලික ජනතාවයි කතෝලික සභාවයි කියන්නේ දෙගොල්ලක්. මේ රටේ කතෝලික තියෙනවා. ක්‍රිස්තියානි තියෙනවා. මූලධර්ම වාදය තියෙනවා. බෝර්න් අගෙන් තියෙනවා. ඒ ඔක්කොම එකතුකළාම ලක්ෂ විස්සක් විතර ඉන්නවා. ඔය ලක්ෂ විස්සෙන් මට නඩු දාලා තියෙන පාර්ශ්වය ඉන්නේ ලක්ෂ 10ක් විතර.
Read Moreඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත බලාත්මක කරන බවත් කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ඉදිකිරීම් ක්ෂේත්රයේ නියුතු වුවන්ට සහන සැලසීම මෙහි අරමුණ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කියයි.
Read Moreඑහිදී ඔවුන් ’ජීවන බර අහස උසට, දරුවො හඩයි බඩගින්නට, තිබුණ වැටුප ලෙවකන්නට, රනිල් කෙළියා නැතිවෙන්නට’ යනාදී සටන් පාඨ කියමින් දහවල් ආහාර නොගෙන උද්ඝෝෂණයේ නිරත වූහ .
Read More75 වැනි ජාතික නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් වසා තැබෙන මාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඉංග්‍රීසි භාෂාවෙන් Slave Island ලෙස හැදින්වූ කොම්පඤ්ඤවීදිය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම “කොම්පඤ්ඤවීදිය” ලෙස භාවිතා කිරීමට අදාලව නිසි සංශෝධනයන් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.
Read Moreරටේ ස්වාධිපත්‍ය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (02) පෙරවරුවේ බාර දී තිබේ.
Read More75 වැනි නිදහස් උලෙලේ පුහුණුවීමට කටයුතු සදහා යමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් රැගත් බස්රථ 3 ක් එකිනෙක ගැටීමෙන් 9 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පානදුර පොලිසිය කියයි.
Read Moreකොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්යය සහායිකාවක ලෙස සේවය කරන කාන්තාවක් හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට පත්වී ඇත. ඊයේ (01දා) කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
Read Moreනිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද (02දා) අළුයම් කාළයේදී නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුළු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරාත්‍රි කාලයේ නිවසක් අසළ නවතා තිබූ ත්‍රිරෝද රියක බැටරිය සොරකම් කිරීමට උත්සාහ කළ බවට සැකපිට හාලිඇල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පුද්ගලයන් දෙදෙනෙකු අද (03) දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Read Moreබංකොලොත් වු විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් අද වන විට පළාත් පාලන මැතිවරණය පිළිබදව වහසිබස් දොඩමින් සිටින බවත් ආණ්ඩුවක් ලෙස ඕනෑම වේලාවක මැතිවරණයනට ලැස්ති බවත් ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.
Read Moreපාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් පසුගිය ජනවාරි මාසය තුල , පාරිභෝගිකයින් මුලාවට ලක්කරමින් වෙළඳාම් කළ වෙළඳසල් 122 කට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගනු ලැබූ බව විමර්ශන ඒකකය පවසයි.
Read Moreයුද්ධයකදී නැතිවන ජීවිත නැවත ලබාදිය නොහැකි වුවත් ආර්ථික යුද්ධයකදී නැතිවන ආදායම නැවත ලබා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreනිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍ර දේශයේ පැවැති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින්පෙ දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
Read Moreඅද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400කි.
Read Moreලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ හතරක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. වියළි මිරිස්, ලොකු ළුණූ, දේශීය රතු කැකුළු, පාන්පිටි යන භාණ්ඩවර්ග මිල අඩුකර තිබේ.
Read Moreකිසියම් පුද්ගලයෙකු අටවන ලද ඇමක් ගිල දමා මහත් අපහසුවෙන් සිටි අඩි 13 ක් පමණ විශාලත්වයකින් යුත් කිඹුලකුගේ කටට අත දමා එම ඇම ඉවත් කිරීමට කළුතර මොරන්තුඩුව ගෝනදූව කවටයාගොඩ තරුණයකු සමත් විය. ඔහු නමින් උදාර සංජීව නමැති හතළිස් හැවිරිදි තිදරු පියෙකි.
Read Moreමෙරට ජනතාවට හා සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා සමුළු තුනකට සහභාගී වීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (01) නියම කළේය.
Read Moreකර්මාන්ත අමාත්‍යංශය විසින් හදුන්වා දුන් ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය( SOP)ට අනුව නිෂ්පාදනය ආරම්භ කළ සෙනාරෝ ( SENARO ) GN 125 නවතම මෝටර් සයිකලය වෙළෙඳපොළට හදුන්වා දීම කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ලේක් හෝටල් පරිශ්‍රයේදී පසුගියදා ( ජනවාරි 31 ) සිදුකෙරිණි.
Read More2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය සියයට 31කින් පහළ ගොස් තිබේ. 2021 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 5,491 ක් වූ ශ්‍රමික ප්‍රේෂණ 2022 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 3789ක් දක්වා පහළ ගොස් තිබේ.
Read Moreජනවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 102545 ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2022 වසරේ ජනවාරි මාසය හා සසදන විට එය සියයට 24.5ක ඉහළ යාමක් බවද එම අධිකාරිය සඳහන් කරයි.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති,ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට හා ඔහුගේ පවුලේ උදවියට පහර දී නිල නිවසට අලාභහානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සිසුන් 14 දෙනා එක් අයෙකුට රුපියල් 15000 බැගින් මුදල් හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය.
Read Moreකෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට හැකි වන පරිදි ශ්‍රී ලංකාවේ ණය හිමියන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාධාරණ ක්‍රියාමාර්ගයකට එකඟවිය යුතුව ඇතැයිද ඇමෙරිකානු තානාපතිවරිය සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
Read Moreඅපේක්ෂකයන් විසින් මැතිවරණය වෙනුවෙන් තැන්පත් කළ ඇප මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙනත් කටයුතු සඳහා යොදවන්නේදැයි විමර්ශනයක් කරන්නැයි ඉල්ලා කණ්ඩායම් තුනක් අද (1දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, මුදල් අමාත්‍යංශයට සහ මැතිවරණ කොමිසම වෙත ගොස් තිබේ.
Read Moreඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය පිතිකරු උස්මාන් කවාජාට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය සඳහා වීසා ලැබීම පමා වී ඇති බව වාර්තා වේ.
Read Moreරනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකියාව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ ජනවරමේ ඉතිරි කොටස ක්‍රියාත්මක කිරීමට බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනවරම ලබා ගත් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයේ නැති කාරණා ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනවරමක් නොමැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
Read Moreඝාතනය කර ඇතැයි කියන කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් අද (1දා) පස්වරුවේදී ඇල්පිටිය ඕමත්ත පදේශයේ නිවසක තිබියදී සොයා ගත් බව ඇල්පිටිය පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා අද (1දා) මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා හමුවීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණියේය.
Read Moreදකුණු අප්‍රිකාවේදි පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි20 කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම එළිදක්වා ඇත.
Read More