පාස්කු ඉරුදින එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට එරෙහි විමර්ශන කටයුතු අවසන් කිරීමට නීතිපතිවරයා පොලිසියට උපදෙස් දුන් බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
පාස්කු ඉරුදින එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගත් තමා අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති හෙයින් එය වළකාලන්නැයි ඉල්ලා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ගෙනනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවු අවස්ථාවේීදී ඒ බව දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශන උධෘත සම්බන්ධයෙන් අධ්‍යයනය කළ බවත් එම උධෘත අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පෙත්සම්කරුට එරෙහි විමර්ශන කටයුතු අවසන් කිරීමට ජුනි 20 වැනිදා පොලිසියට උපදෙස් දුන් බවත් දැනුම් දුන්නේය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් පෙත්සම අවසන් කර ගැනීමට හැකියාාව ඇතැයි කීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා යන මහතා මෙම පෙත්සම සම්බන්ධයෙන් තතීන්දුවක් දමට අකමැත්ත පළළ කිරී හේතූවෙන් පෙත්සමක් ඉදිරියටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න තීරණය කිරීම සඳහා විනිසුරු ජනක් ද සිල්වා මහතා සාමාජිකත්වය නොදරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සමම යළි කැඳවීමට තීරණය කළේය.
පෙත්සම ලබන 18 වනදා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල නියම කළේය.
