මහනුවර කටුගස්තොට පාරේ බිංගය අසල සුප්‍රසිද්ධ වාහන අලෙවි මධ්‍යස්ථානයක් ඉදිරිපිට තුන් මහල් ගොඩනැගිල්ලක පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 05 කට අධික මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර විශේෂ අපරාධ විමර්ශනඅංශය මහජන සහය පතයි .
ඉඩම් කට්ටිකර ලබා දෙන බව පවසමින් සහ විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මෙම අඹු සැමි යුවල සිදුකළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වන විට මහනුවර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයටපැමිණිල්ලේ 09ක් පමණ ලැබී තිබෙන බව පොලීසිය කියයි .
එසේ අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනුයේ මුතුතන්ත්රීගේ ජූඩ් ප්‍රනාන්දු සහ ඔහුගේ බිරිඳ බව කියන එගොඩ හාලිඇල ගෙදර ශ්‍රීමතී තිස්ස කුමාරි යන දෙදෙනාය .

