පුද්ගලයින් වැඩි පිරිසක් බන්ධනාගාරගතව සිටින්නේ මුල් ළමා විය සංවර්ධනය නොලැබීම නිසා බවත් දරු පරපුර මත් උවදුරින් බේරා ගතහොත් බන්ධනාගාරගත සදහා යොමු වන පිරිස අඩු කර ගත හැකි බවත් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක විශිෂ්ට නායකත්වය උදෙසා අනාගත පරපුර රැගෙන යාමේ දීප ව්‍යාප්ත වැඩ සටහනෙහි සමාරම්භක උත්සවයට ඊයේ (13දා) ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ දී ආරම්භ කරමින් ඔහු මේ බව පැවැසීය.
"අපේ රටේ වටිනාම සම්පත දරු පරපුරයි. අපි එය තේරුම් ගෙන කටයුතු කළ යුතුයි.අපි දැන් සාකච්ඡා කළ යුතු වන්නේ බන්ධනාගාර ඉදි කිරීම ගැන නොවෙයි. බන්ධනාගාර වහන එක අපේ ඉලක්කය විය යුතුයි. අපේ අධ්‍යාපන ක්රමයේ විකෘතියක් තිබෙනවා. ඒ විකෘතිය සකස් කරන තෙක් බන්ධනාගාර වහන්න බැහැ.
ඒ සදහා අපි පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් හරහා නිර්දේශ ඉදිරිපත් කළා. 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජාතික පාසල් හා පළාත් සභා පාසල් කියලා පාසල් පද්ධතිය විකෘති වුණා. මේ රටේ ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. අපේ රටේ වැඩි සංඛ්‍යාවක් පුද්ගලයින් බන්ධනාගාරගතව සිටින්නේ මුල් ළමා විය සංවර්ධනය නොලැබීම නිසයි.
ඒ නිසා මුල් ළමා විය සංවර්ධනය විධිමත්ව වෙනස් විය යුතුයි. දරුවෙකුගේ බුද්ධිය වැඩීම වර්ධනය වන්නේ වයස අවුරුදු හයක් දක්වා කියලා සොයා ගෙන තිබෙනවා. අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්ලිව් .ඩබ්ලිව් හැකියි. අපේ රටේ පවතින තරගකාරී අධ්‍යාපන ක්‍රමය වෙනස් කරමින් අධ්‍යාපනයට පවතින තරගකාරීත්වය නතර කළ යුතුයි"
