saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4158 hours ago

LATEST

ජනපතිගෙන් ආරාධනාවක්

calendar_today 2023 පෙබ 23 - 00:59 remove_red_eye - 749  

රට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන, වසර 25කින් “සංවර්ධිත රටක්” ගොඩනැඟීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුදෙනාට ආරාධනා කළේය.

රජයේ රෝහල් වෙත අවශ්‍ය ඉන්ධන ලීටර් මිලියන 20ක් පරිත්‍යාග කිරිමට ජපානය ඉදිරිපත්ව තිබේ. ඇමෙරිකානු ඩොලර් මීලියන 46ක වටිනාකමක් සහිත මෙම ප්‍රදානය වෙනවෙන් හුවමාරු පත්‍ර වෙත අත්සන් කිරීම මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකි මහතා අතර සිදුවිය.

Read More

’’මම ඉල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තුවේ වායු සමීකරණ බිල අඩු කර ගන්න වායු සමීකරණයක් අපට අවශ්‍ය නෑ කියලා. කෝවිඩ් සමයේදී අපි වායු සමීකරණ නැතිවයි මේ සභාව ගෙන ගියේ. අවශ්‍ය නම් මධ්‍යහන වෙලාවේ පමණක් කෙටි කාලයක් තුළ වායු සමීකරණ පාවිච්චි කරන්න. මෙතන ඉන්නේ 80%ක් සාමාන්‍ය පවුල්වලින් ආපු අය. ඒ අනුව අපි හැදුනේ වැඩුනේ එයාර් කන්ඩිෂන්වල නෙවෙයි. ඒ නිසා අපට පුළුවන් එයාර් කන්ඩිෂන් නැතිව මේ සභාව ගෙනියන්න.’’

Read More

ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය මේ වන විට ජනපතිවරයාට ලැබී ඇති බවත් ඒ අනුව පාර්ලිමේන්තුවද දැන් රූකඩයක් බවට පත්ව ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පැවැසීය.

Read More

ජනවරමක් ජනතා විශ්වාසයක් නොමැති මේ ආණ්ඩුවට කියා සිටින්නේ තක්කඩි දේශපාලනයේ නියැලී මැතිවරණය කල් නොදමන ලෙසත් ජනතාවගේ මැතිවරණ අයිතියට අත තියන්නේ නම් එයට විරුද්ධව පාරට බහින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය. එසේ ම මේ මැතිවරණ අයිතිය අහෝසි කිරීමට සහාය දුන් සියලු දෙනාම නීතිය හමුවට ගෙන එන බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

Read More

රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට පහර දී පලා ගොස් සැගව සිටි සැකකාර කාන්තාවක් 21 දින අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

එක්සත් ජනපද නාවික ලේකම් කාර්ලොස් ටෙල් ටෝරෝ ජාතික මාධ්‍ය සංගමය අමතමින් මේ බව කියා සිටියේ, චීනය මේ වනවිට එක්සත් ජනපදයට සහ එරට මිත්‍ර රටවලටද තර්ජනයක් බවයි.

Read More

තමා ඡන්දය භාවිත කිරීම වෙනුවෙන් නැකත් බලා තිබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඒස්.බී. දිසානායක මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේය.

Read More

රැස්වීමට එක්කරගෙන යන්න බස් එනවා ගමට. රැස්වීම පුරවන්න අවශ්‍ය කරන් සෙනග ගොඩට එකතු වෙන්න එපා. බස් එකේ නැග්ගොත් අපිට මේ දේ කරන්න බෑ. හරි දේශපාල සංස්කෘතියක් රටට හඳුන්වා දෙන්න බෑ. බස්එකේ නැගලා ගිහිල්ලා ජයවේවා කියලා කෑ ගහලා නැවතත් ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ ලයිට් බිල වැඩි වෙලා ආයෙත් අපේ ප්‍රශ්න ටිකට අපි කොටුවෙලා. අපි ජයවේවා කියලා කෑ ගහන කොට වේදිකාවේ උඩ ඉන්න අයගේ ප්‍රශ්න තමයි විසඳුනේ. ඒ අය තමයි හැමදාමත් සතුටින් හිටියේ. ඒ අය විතරක් සතුටින් හිටියාව ඇති.

Read More

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ බව සඳහන් කරමින් එහි වින්දිතයින් පැවරූ නඩු වලින් හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා නිදහස් කරන්නේද? නැද්ද? යන්න සම්බන්ධ තීන්දුව මාර්තු මස පළමුවැනිදා ප‍්‍රකාශයට පත් කිරරීමට සිවිල් අභියාචන මහාධිකරණය අද (22දා) තීරණය කළේය.

Read More

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය පසුගිය ජනවාරි මාසයේදී 53.2% දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ.

Read More

වාහන ආනයනය තහනම් කර ඇති අවස්ථාක රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් වාහන 239ක් ආනයනය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසිය.

Read More

රජය විසින් ක්‍රියාත්මක කරන බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් වෘත්තිකයන් විශාල පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතා පවත්වයි.

Read More

බුත්තල ප්‍රදේශය අවට ගම්මාන රැසකට අද 22දින පෙ.ව 11.47ට භුකම්පනයක් දැනුන බව ප්‍රදේශවාසීන් කියයි.

Read More

වරාය නගරය ඉතාම වැදගත් නගරයක්. මේක අනිත් නගරවලටත් ආදර්ශයක්. මේ වරාය නගරය සුහුරු නගරයක් ලෙස පත්කිරීමට අපි කටයතු කරනවා. ලෝකයේ හැම තැන කථා කරන 5G තාක්ෂණය අපිට වරාය නගරයට හඳුන්වා දෙන්න පුළුවන්.

Read More

පසුගියදා විශේෂ ගුවන් යානා දෙකකින් ශ්‍රි ලංකාවට පැමිණි පෙන්ටගනයේ ආරක්ෂක නිලධාරින් පිරිස සම්බන්ධයෙන් පාර්ලිලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ගැටලු කිහිපයක් මතු කළේය.

Read More

චීනය ශ්‍රී ලංකාවට වැදගත් මිතුරෙක් බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර තුළ පෙනී සිටින බවත් විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවැසිය. අද (22දා) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. ’’චීනය අපිට ඉතාමත්ම වැදගත්. ඔවුන් අපිට ඓතිහාසික මිතුරෙක්. ජාත්‍යන්තර ප්‍රජාව තුළ අපේ ආරක්ෂාව වෙනුවෙන් අප වෙනුවෙන් පෙනි ඉදලා තියෙනවා. යුද්ධය අවසන් කාලයේදී ආයුධ සපයලා මහා දුර්ධාන්ත ත්‍රස්තවාදි උවදුර තැනි කිරිමට අපිට පහසුකම් දුන්නා. ඔවුන් එක්ක

Read More

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිධුරය සඳහා හිටපු සභාපති හර්ෂද සිල්වා මහතාගේ නම යෝජනා වී ඇතිද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් විවාදයක් ඇතිවිය

Read More

මහජන සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවමින අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

කිඹුලාවල Street Food ජංගම වෙළඳ ජාලය විධිමත් කෙරේ. ඒ අනුව අදාල ජංගම වෙළඳසැල් පස්වරු 3.30 සිට අලුයම 2.30 දක්වා පවත්වාගෙන යාමටත් දහවල් කාලයේදී ජංගම අලෙවි සැල් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමටත් තීරණය කෙරේ.

Read More

අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාගේ නියමය ලබන 23 වැනි බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

විසල් මහනුවර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගය ජපාන සහයොගීතාවක් යටතේ කටුගස්තොට දක්වා ගෙනයාමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.

Read More

ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියා රෝගයෙන් පෙළෙන බව දේශීය පර්යේෂකයන් විසින් සිදුකරන ලස ජාතික අධ්‍යනයකින් හෙළිව තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කළ වහාම ජයිකා ව්‍යාපෘති නැවත ආරම්භ කරන බවට තෙරුයුකි මහතා අග්‍රාමාත්‍යවරයාට සහතික විය.

Read More

දේශිය වෙළඳපොලේ ඉල්ලුමට වඩා එළවළු සැපුයම ඉහල ගොස් ඇති නිසා දේශිය වෙළදපොලේ කිලෝවක එළවළු මිළ සැලකිය යුතු පහළ බැසිම හේතුවෙන් ගොවින් දැඩි පිඩාවට පත් වි ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

Read More

නව පර්යේෂණ හා විද්‍යාත්මක සොයා ගැනීම් සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු සුදුසුම කාලය එළඹ ඇතිබව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කරයි. හෙතෙම පෙන්වා දෙන්නේ නව විද්‍යාත්මක සොයා ගැනීම් හා නිෂ්පාදන, නවීන තාක්ෂණය සමඟ සම්බන්ධ කර අගය එකතු කළ නිෂ්පාදන ලෙස ලෝකය සමඟ හුවමාරු කර ගැනීමටත් එමගින් රටේ ආර්ථිකය ගොඩ නැඟීමට අවශ්‍ය පදනම සකසා ගැනීමට සදහා කඩිනම් සැලසුම් සකස් කළ යුතු බවයි.

Read More

මැතිවරණ තිබෙනුයේ පැවැත්වීමට මිස කල් දැමීමට නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

Read More

දේශපාලන බලපෑම් මත මැතිවරණ කල් දමමින් ජනතා පරමාධිපත්‍යයේ බලය උදුරා ගැනීමට දරන උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති.

Read More

මෙම භූකම්පනය තුර්කියේ දකුණුදිග හටායි පළාත වෙත දැනී ඇති අතර, භූකම්පනය හේතුවෙන් මරණ කිහිපයක්ද වාර්තා වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.