ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් සිදුකරන තේවා කටයුතු අස්ගිරි පාර්ශවයෙන් මල්අතු පාර්ශවයට පැවරීම අද (02) සවස මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දී සිදුවිය .
ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා පසුගිය ඇසළ පොහෝ දින සිට මේ ඇසළ පොහෝ දිනය දක්වා අස්ගිරි පාර්ශවය විසින් සිදුකරන ලද තේවා කටයුතු ලබන වසරේ ඇසළ පොහෝ දිනය දක්වා සිදුකිරීමට මල්වතු පාර්ශවයට පැවරීම එහි දී සිදු කෙරුණි .
සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නායක හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිවරුන් ගේ සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් එම ඓතිහාසික කටයුත්ත සිදු විය .
ඇසළ පුන් පොහෝ දිනට පසු දින මහා විහාර දෙක අතර දළදා සමිදුන්ගේ තේවා කටයුතු මාරුව සිදුවීම පුරාණයේ සිට පැවත එන චාරිත්රයකි.
