saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 4010 hours ago

LATEST

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශාල මුදලක් අනිතික ලෙස අරගෙන

calendar_today 2023 අප්‍රේ 01 - 17:24 remove_red_eye - 547  

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින දිවයින පුරා සමෘද්ධි බැංකු 1074 වෙනම පරිපාලනමය ව්‍යුහයක් යටතට පත් කිරීමට කටයුතු කරමින් පවතින බවත් අනීතික ලෙස සමෘද්ධි අරමුදලේ අතිවිශාල මුදලක් ගැනීම තුල සමෘද්ධිලාභීන්ට ඇතැම් ප්‍රතිලාභ ගෙවීමේ දී ගැටළු මතුව ඇති බවත් සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුවේ ජාතික සංවිධාය

සම්මානනීය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නළු අමරසිරි කලංසූරිය මහතා අද (01දා) අභාවප්‍රාප්ත විය.

Read More

2023 වර්ෂයේ ඉදිරි යල සහ මහ කන්න අස්වනු සරු කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස පවත්වන සාම්ප්‍රදායනුකූල අලුත් සහල් මංගල්‍යය හෙට දින (02දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සංවිධානය කර තිබේ.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මාර්තු මස උද්ධමනය සියයට 50.3 ක් දක්වා පහත වැටී ඇතැයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්‍ෂ 10 ක් කොළඹ වරායට ළගා වී තිබේ.

Read More

රජයේ ආදායම එකතු කිරීම, වැඩි දියුණු කිරීම සදහා රජයේ අදාළ සියලු ආයතන ඒකාබද්ධ කර තොරතුරු තාක්ෂණික පද්ධතියක් සකස් කිරීමට සදහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුතු තාක්ෂණික කමිටුවක් පත් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ ක්‍රම සහ විධි කාරක සභා ඒකාබද්ධව පසුගියදා පවත්වන ලද රැස්වීමේදී තීරණය විය.

Read More

වසර 40 කට අධික සේවා කාළයක් සම්පූර්ණ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වන උත්පල කුමාරසිංහ මහතා සිය අවසන් පියාසැරිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිය සේවයෙන් සමු ගැනීමට අද (31දා) දින දහවල් පියවර ගෙන තිබුණි .

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ හෙට (1) පෙරවරුවෙ පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු හයක පහසු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට නවසිලන්තය සමත්විය.

Read More

තලවකැලේ, ලිඳුල, ෆර්හෑම් වත්තේ වතු කම්කරුවෙකු බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් අද (31) ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

Read More

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් කේ.ඩී.එන් රංජිත් අශෝක මහතා පත්කිරීමට ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More

ඒ අනුව ජනතා ප්‍රසාදය අඩුම දේශපාලඥයා බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත්ව තිබෙන අතර ඉන් අනතුරුව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිටියි. ඔවුන්ගේ ලකුණු පිළිවෙළින් -73ක් හා -64ක් වෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතා ප්‍රසාදය -51ක් තිබෙන අතර මහින්ද රාජපක්ෂට ජනතා ප්‍රසාදය දැක්වෙන්නේ - 52ක් ලෙසිනි.

Read More

ඩීසල් මිල අඩුවුවද තමන්ට ප්‍රවාහන ගාස්තු අඩු කළ හැක්කේ සියයට පහකින් බව අම්බලන්ගොඩ පාසල් ළමය ප්‍රවාහන සංගමය අද (31දා) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ, හෝමාගම පොලිස් වසමේ කිලෝ මීටර් 01.1 R කණුව ප්‍ර දේශයේදී මාතර සිට කඩවතට ධාවනය වූ ලොරි රථයක ඊට පසුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා තිබේ.

Read More

සත්කරක නවසීලන්ත කණ්ඩායම හා සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම අතර නවසීලන්තයේ හැමිල්ටන් නුවර පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මුලින්ම පන්දුවට පහරදිමට තීරණය කළේය.

Read More

ජොන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි මහතා සති දෙකකට වරක් ප්‍රකාශයට පත්කරන ලෝකයේ අධි උද්දමනයක් ඇති රටවල් ලැයිස්තුවෙන් වසරකට ආසන්න කාලයකට පසුව ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්, එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

මම තමා ජගතා, මට විතරයි කරන්න පුළුවන් කියන මතයේ මම නෑ. මම පොර නෙමෙයි. මට වඩා පොරවල් ඉන්නවා...

Read More

නව ත්‍රස්තවාදී පනතට අනුව පුද්ගලයින් රදවා ගත හැක්කේ අධිකරණයේ පුර්ණ අධීක්ෂණය යටතේ බවත් නව ත්‍රස්ත පනත යටතේ වෘත්තීය සමිති මර්ධනය කරන්නේ කෙසේදැයි ඔප්පු කරන ලෙසත් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. අද (30දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

රටේ දැනට පවතින ආර්ථික අර්බුදයත් සමග ඉන්ධන මිළ මහත දැමීමෙන් ඉදිරියේදී එළවළු පාරිභෝගිකයන්ට ප්‍රවාහන වියදම් අඩු වීමෙන් වාසියක් සිදු වන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

Read More

මේ වනවිට කෙටුම්පත් කර අවසන් කර ඇති ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අප්‍රේල් මස අවසන් සතියේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීම් තිබේද යන්න සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත්දැයි බව සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා ශ්‍රී ලංකාවේ ඇතැම් පුවත්පත් වාර්තා කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ලිපියක් මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති වෙත දැනුම් දීමක් කර ඇත.ඉ

Read More

ඉන්දියාවේ සිට රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් මෙරටට ආනයනය කරනු ලැබූ පලමු බිත්තර තොගය කෙළවරපිටිය ස්පෙට් ආර් ගබඩා සංකීර්ණයේදී අද (30දා) වෙළද පොළට නිකුත් කරනු ලැබීය.

Read More

අභියෝග භාර ගැනීමට සූදානම් අනාගත සිසු පරපුරක් බිහි කිරීමේ ගුරු භූමිකාව සතු වත්මන් කාර්යභාරය ඉටු කිරීම සඳහා සන්ධාන භාෂාව වශයෙන් අත්‍යවශ්‍ය වන්නා වූ ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියේ සියලු දරුවන්ට භාවිතයෙන් ඇරඹීම අදින් ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා නොව රටේ දුෂණය නැති කිරීමට බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් කිහිපයක අද (30දා) දහවල් එකත් එකයි දහයත් අතර වෙලාවේදී සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවී නිවාස වල වහලය මතින් දෙදරීමක් ඇතිවූ බව ගම්වැසියන් පැවසීය.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් වෙනුවෙන් විදේශීය තානාපති කාර්යාලවල කම්කරු සුභසාධන අංශ යටතේ සුරක්ෂා නිවාස ස්ථාපිත කර ඇති අතර, එමගින් විදේශ රැකියාවල නියුතුව සිටියදී අවශ්‍ය විවිධ සේවාවන් ලබාගැනීම සඳහා තානාපති කාර්යාල වෙත පැමි‍ණෙන කාන්තාවන්ට අවශ්‍ය සුභසාධන පහසුකම් හා නේවාසික පහසුකම් ලබාදීම සිදුකරනු ලබයි.

Read More

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු අද (30) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවසන් ගෞරව දැක්වූහ.

Read More

ආගම්වාදය පතුරවමින් ජාතික සමගිය බිදිමට කටයුතු කරන පිරිස් මෙරටින් පලවාහැරිය යුතු බව මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්යස වලවාහැංගුන වැවේ ධමිමරතන හිමි පැවැසීය. විවිධ දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් ආගම්වාදී ප්රධකාශ ඉදිරිපත් කරන මෙරට දේශපාලකයින් ඇතුලු අන්තවාදී පිරිස් ඉතා පිළිකුල්ව හෙලා දිකින බවද උන්වහන්සේ කීහ. වව්නියාව වෙඩුක්කුනාරි පුරාවිද්යාප භූමියේ තාවකාලිකව ඉදි කර තිබු හින්දු දේව ප්රනතිමාව කිසියම් පිරිසක් විසින් පසුගිය(26දා) කඩා ඉවත් කර ඇති

Read More

පුත්තලම සිට කුරුණෑගල දක්වා ගමන් ගනිමන් තිබු බස් රථයක සිටි කාන්තාවක් හදිසියෙ හදිසි හෘද්‍යාබාධයකට ලක්වි අසාධ්‍යව තත්වයෙන් සිටියදී වහාම මැදිහත් වු යුධ හමුදා නිළධාරියකු එම කාන්තාවට කඩිනම්ව බස් රථය තුලදිම අදාල පළමු ප්‍රථමාධාර ලබා දී වහාම ආණමඩුව රෝහලට ඇතුලත් කර ජීවිතය බේරා ගැනිමේ සිදුවිමක් ආණමඩුව රෝහලින් වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.