එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය අපේක්ෂිත කුඩා අනුපාත වැඩිවීමක් ප්‍රකාශ කිරීමත් ඩොලරය සති හයක අවම මට්ටමකට පැමිණීමත් හේතුවෙන් බදාදා දිනයේදී ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිල 2% කින් පමණ ඉහළ ගියේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් ව්‍යාපාරිකයන් නොපැමිණීම හේතුවෙන් සීඝ්‍රයෙන් එළවළු තොග මිල පහත වැටී අලෙවිකර ගැනීමට නොහැකි තත්වයකට 23 දින උදෑසන සිට පවතින බව ගොවීන්හා වෙළෙන්දන් පවසති.
Read Moreසති දෙකක කාලයක සිට පාර්ලිමේන්තුවට බිත්තර නොමැති බවත් කඩවල් 10ක් ගත්තොත් කඩවල් 8කම බිත්තර නොමැති බවත් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreරාජ්‍ය වාණිජ විවිධ සංස්ථාව විසින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය අද අලුයම දිවයිනට රැගෙන විත් තිබේ.
Read Moreජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුගමගේ මහතා පෙරේදා (21) පාර්ලිමේන්තුවේදී ඒකමතිකව තේරී පත්විය.
Read Moreඅන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID මගින් මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක හයක ගොවි පවුල් 48,000ක් සඳහා සහන දීමනාවක් ලබා දීමට තීරණය කර තිබේ.
Read Moreජල සම්පාදන සේවකයින් මාර්තු 13 වනදා සිට ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ඉල්ලා සිටි ඉල්ලීම් කිසිවකට පිළිගත හැකි ප්‍රතිචාර බලධාරීන්ගෙන් නොලැබීම නිසා එම වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට ඔවුන් තීරණය කර තිබේ.
Read More“බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය” මැයි 05,06 සහ 07 තෙදින ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍ර ආශ්‍රිතව මෙවර වෙසක් උත්සවය ජාතික මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ඉතා උත්කර්ෂවත්ව සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සැලසුම් කර තිබෙන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.
Read Moreහොරුන් අල්ලන බවට අනුර කුමාර දිසානායක මහතා දිගින් දිගටමය පවසමින් යන බවත් ඒ අනුව පූර්ණ බලතල සහිතව හොරු ඇල්ලීමේ ඇමතිකම අනුර කුමාර දිසානායක මහතාට ලබාදෙන ලෙස තමන් ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පැවැසීය.
Read Moreමේ රටේ ලක්ෂ 220 කගේ ජීවිත සමඟ තමන් කිසිවිටකත් සෙල්ලම් නොකළ බවත්, ඔවුන්ගේ ජීවිත මරණයේ දොරටුව වෙත දක්කාගෙන යාමට කටයුතු නොකළ බවත් පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගයත්, සමගි ජන සන්ධානයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිතයන් හමු වූ සෑම අවස්ථාවකදීම පවසා සිටියේ අපේ රටට උදව් කරන ලෙස බවද පැවසීය.
Read Moreපිටරටින් ජලය ආනයනය කර පානය කරන පිරිසක් මෙන්ම පිටරටින් ආහාර ගෙන්වා කෑමට ගන්නා මහා ධනවතුන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිටින බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
Read Moreඅභියෝගාත්මකව විෂයන් අටකින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමත්වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreයුක්රේනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 15.6 ක් පමණ වටිනා සිව් අවුරුදු මූල්‍ය පැකේජයක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියන තුනකට ආසන්න විස්තීර්ණ මූල්‍ය පහසුකම වෙනුවෙන් සියයට 4ක පොලියක් අය කරන බව මුදල් රාජ්‍ය අමාතය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. මෙම කරුණු පිළිබඳව ජනතාව සමග සාකච්ඡා කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු පැවැසීය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ මූල්‍ය පහසුකම යටතේ පළමු වාරිකය මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read More“ආර්ථිකය සංකෝචනය කරලා තමයි මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න බලන්නේ. ආර්ථිකය සංකෝචනය වුණාට රජයේ සංකෝචනයක් නෑ. මැති ඇමතිවරුන් වැඩිවෙනවා. තවත් රාජ්‍ය ඇමතිවරුන් පත්කරන්න යනවලු. තවත් ඇමති ලැයිතුවක් හදනවලු. ඒ ඇමති ලැයිස්තුවලට විවිධ අය පොරකනවලු. සංකෝචන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන කොට ඇයි ආණ්ඩුව කුඩා කරන්න බැරි. ඇයි අපිට කුඩා ආණ්ඩුවකට යන්න බැරි.”
Read Moreහිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවනු ලැබූ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) ආගමන හා විගමන පාලකවරයාට නියම කළේය.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (22) දිනයේදී ශක්තිමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනියම අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 312.61 වශයෙන්ද විකිණුම් මිල රුපියල් 330.16 වශයෙන්ද දැක්විය.
Read Moreමොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ විදුලි කාර්මිකයෙකුගේ අත්දෙක වෙන් වෙන්න කඩුවකින් කපා එය නැවත බද්ධ කිරීමටවත් ඉඩ නොතබා සැකකරු විසින් ඊයේ (21) රැගෙන ගොස් ඇතැයි මොරටුව පොලිසිය කියයි.
Read Moreතමන් නාමල් රාජපක්ෂ මහතා වැල් පාලමෙන් එගොඩ කිරීමට උත්සාහ කරන බවට විපක්ෂය සඳහන් කළත් තමන් ශ්‍රී ලංකා මාතාව වැල් පාලමෙන් එගොඩ කළ බවට මේ වන විට මුළු ලෝකයම පිළිගෙන ඇතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read More2022 වසරට අදාළව පැවැති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ශිෂ්‍යත්වධාරීන් 2023 වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමට අදාළව පාසල් කඩයිම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පළමු සමාලෝචනය සිදුකරන ලබන ජුනි මාසයේදී බදු සංශෝධන ගැන සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳව වන සංශෝධිත යෝජනා මහා භාණ්ඩාගාරය සකස් කරමින් සිටින බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreසියලු ණය හිමියන්ට සාධාරණව සලකන බවත් කිසිම ණය හිමියෙකුට වැඩ සැලකිල්ලක් නොදක්වන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreසහනදායි බදු පදනම මත වාහන ආනයනය කරන පුද්ගලයන්ගේ මෙන්ම ආයෝජන මණ්ඩලයේ බදු සහන බදු විරාම ලබාගන්නා ආයතනවන ලේඛනය ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreඉන්ධන මිල තීරණය කරන්නේ 2018 මිල සූත්‍රය අනුව පමණයි. අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලට ගෙන සෑම මසකටම වරක් විදුලි බිල ගැලපීමට කටයුතු කරනවා.
Read Moreමන්නාරම මාන්තෙයි බටහිර අඩම්පන් පොලිස් වසමේ උයිලන්කුලම් ප්‍රධාන මාර්ගයේදී ඊයේ (21) සවස සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් බවත් ලෝකයේ අනෙකුත් රටවල් සමග සැසදීමේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම පහළම මට්ටමක බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreඅයි.එම්.එෆ්. එකඟතාව සමග රටේ මූල්‍ය විනය නීතිගත වෙන බවත් දූෂණ වංචා වැළැක්වීමේ දැඩි නීති අලුතෙන් හඳුන්වා දෙන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreපසුගිය වසරේ තමන් භාර ගත්තේ ගිනි ගොඩක් තිබූ රටක් බවත් එවැනි පසුබිමක රට භාර ගන්න කිසිවෙකුත් ඉදිරිපත් නොවුණ බවත් ඇතැම් අය කේන්දර බැලූ බවත් ඇතැම් අය ලිස්සා ගිය බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ කාර්ය මණ්ඩලය වාර්තාව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (22දා) පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමට කටයුතු කළේය.
Read More