saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 4016 hours ago

LATEST

ඇල්පිටියේ ලංගම වර්ජනයක්

calendar_today 2023 මාර් 22 - 09:35 remove_red_eye - 171  

වැටුප් ගැටලුවක් මුල්කරගෙන අද (22දා) ඇල්පිටිය බස් ඩිපෝවේ රියදුරු කොන්දොස්තර ඇතුලු සේවකයින් වැඩවර්ජනයක නිරතවී සිටිති.

පාකිස්තානයේ සිදුවූ ප්‍රභල භූමිකම්පාවකින් අවම වශයෙන් මේ වන විට පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිය ගණනක් තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. උතුරු පාකිස්තානයේ සිදුවූ මෙම භූකම්පනය ඇෆ්ගනිස්ථානයට මෙන්ම ඉන්දියාවටද දැනී තිබේ.

Read More

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් එරටදී සිය හාම්පුතුන් අතින් සහ වෙනත් ප්‍රශ්න ගැටළු වලට ලක් වී , දීර්ඝ කාළයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි පසුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් 48 දෙනෙකු 03/22 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

Read More

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (21) තේරී පත්විය.

Read More

උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් කටයුතු හා ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීම සදහා වූ සාකච්ඡාවක් ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Read More

නීති අධ්‍යාපන සභා ආඥාපනත යටතේ අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රීති සම්බන්ධ යෝජනාව අනුමත කිරීම බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප කෙරිණි. යෝජනාව සම්මත කිරීමට විපක්ෂව ඡන්ද 113ක් හිමි වූ අතර පක්ෂව හිමි වූයේ එක් ඡන්දයක් පමණි.

Read More

ඇල්ලවල දියඇල්ලේ දිය නෑමට පැමිණ අතුරුදන් වූ තරුණයන් සිව් දෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් අද පස්වරුව වන විට සොයා ගැනිමට හැකිවූ බව ‌පොලිස් මූලස්ථානය පවසයි.

Read More

වාර ප්‍රවේශ පත්‍ර ලබාගෙන ලංගම බස් රථයකට ගොඩවූ පාසල් සිසුවෙකුට කොන්දොස්තරවරයෙකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් අද (21) උදේ දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

Read More

දිවයිනෙහි සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව, පහත සඳහන් හේතු මත විශේෂ අභියාචනාවන්ට යටත් ගුරු භවතුන්ගේ හැර අනෙකුත් ස්ථාන මාරු 2023.04.17 දින සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

වැල්ලවාය ඇල්ලවල ඇල්ලේ දියනාමින් සිටි තරුණයින් සිව්දෙනෙකු අද (21දා) දියේ ගිලී මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.

Read More

මහනුවර ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාරික ප්‍රශ්නයක් මත එම ව්‍යාපාරිකයාගේ දාහත් හැවිරිදි පාසල් යන පුත්‍රයා පැහැරගෙන ගිය බව කියන්න පුද්ගලයෙකු සොයා පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ .

Read More

මීළඟ ඉන්ධන මිල සංශෝධනය සිදුකරන අප්‍රෙල් මාසයේදී ජනතාවට දැනෙන සහනයක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අද (21දා) අමාත්‍යවරයා මේ බව පැවැසීය.

Read More

ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස මින් ඉදිරියට සැලකිය නොහැකි බවත් විදේශ විනිමය ශක්තිමත් වූ පසු ආනයන සීමා ඉවත් කරන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

හොරණ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටදී මාර්ග අංක 450 පානදුර - රත්නපුර අතර ධාවනය වෙමින් තිබූ පුද්ගලික මගි බස් රථයක් හිටි හැටියේ ගෙන් ගිනි ගැනීමෙන් ඒම රථය ම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව හොරණ පොලිසිය පවසයි.

Read More

බලශක්ති අංශයේ දැනට සිදුකරන ප්‍රතිසංස්කරණ කඩිනම් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටකට ණය මුදලක් අනුමත කිරීමේදී සලකා බලන ප්‍රධාන සාධකය ණය තිරසරභාවය බවත් ශ්‍රි ලංකාව තුළ තවමත් ණය තිරසර භාවයක් නැති බවත් ද ඒ මහතා ශ්‍රී ලංකාවේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රෘව මහතා පවසයි.

Read More

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකු බන්ධනාගාරය තුළදී ගෙල වැලලාගෙන මිය ගොස් ඇතැයි පල්ලෙකැලේ පොලිසිය කියයි.

Read More

මාර්තු මස පළමු වැනිදා සිට 19 දා දක්වා සංචාරකයන් 76 247ක් ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇතැයි සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මගින් දැනට කරන ලද පරීක්ෂණ වලින් ලද දත්ත වලට අනුව දැනට ලිස්ටීරියෝසිස් වසංගත තත්ත්වයක් රට තුළ නොමැති බවත් ඒ පිළිබඳව අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය දන්වා සිටී.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තිර්ණ මූල්‍ය පහසුකම ලබා ගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම දේශපාලන මතභේද නොසලක අගය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත කළ ඇමෙරිකානු ඩොලර් බිලියන තුනකට ආසන්න විස්තීර්ණ මූල්‍ය පහසුකමට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් එහි පළමු වාරිකය ලෙස ඉතාමත් ඉක්මනින් ශ්‍රි ලංකාව වෙත මුදා හරින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7ක් දක්වා අරමුදල් ලබා ගැනීමට හැකි වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන අනුමත කරන ලදැයි ජනාධිපති කාර්යාලය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කළේය. මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ පවත්වනු ලබන සියලුම සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමටත්, විචක්ෂණ මූල

Read More

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස් සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

ස්ථාපිත කිරීමට නියමිත සත්‍ය සෙවීමේ කොමිෂමේ කටයුතු විධිමත්ව සාර්ථකව කළ යුත්තේ කෙසේද යන්න පිළිබදව දකුණු අප්‍රිකාවේ අත් දැකීම් ලබා ගැනීමේ අරමුණින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ, අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු යුත් නියෝජිත කණ්ඩායමක් හෙට ( 2023.03.21) පෙරවරුවේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතය.

Read More

’’පවුලෙන් පවුලට බලය මාරු වුණු වරිග සභා දේශපාලනය අද වන විට අවසන් වී තිබෙනවා. ඒ නිසා අපි නාමල් රාජපක්ෂ පැඟිරාට කියනවා, ’වෙන රස්සාවක් හොයාගන්න’ කියලා. ඒ පැඟිරාට බැටන් එක මාරු වන දේශපාලනය ඉවරෙටම ඉවරයි. මේ එන්නේ අලුත් යුගයක්. ඒ තමයි සාමාන්‍ය මිනිස්සු අතට රටේ ඉරණම තීරණය කිරීමේ බලය ලැබීමේ යුගය.’’

Read More

සන්ධාන භාෂාවක් වශයෙන් ඉංග්‍රීසී භාෂාවට හිමි වන සුවිශේෂ වැදගත්කම සලකා මාර්තු 30 සිට එක ශ්‍රේණියේ සෑම පන්තියක ම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

නුවරඑලිය දිස්ත්‍රික්කය තුල පිහිටි පළාත් පාලන ආයතන කිහිපයක සභාපතිවරුන් පළාත් පාලන ආයතන විසුරුවා හැරිමට ප්‍රථම එම පළාත් පාලන ආයතනවල වාහනවලින් නගර සභා සතුව ඇතැම් භාණ්ඩ තම නිවාස වලට රැගෙන ගිය බව එම පළාත් පාලන ආයතන වල කටයුතු කල විපක්ෂයේ මන්ත්‍රිවරුන් පවසයි.

Read More

මාර්ග සංවර්ධන අධිකාරීයේ සියලු අනියම් සේවකයින් ස්ථිර නොකලහොත් ලබන 29 දා මාරාන්තික උපවාසයකට සුදානම් බව මාර්ග සංවර්ධන අධිකාරීයේ එක්සත් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිල් විජේතිලක මහතා පැවසීය.

Read More

උඩරට වතුකරය ආශ්‍රිත ප්‍රදේශවල මත්පැන් අළෙවිය සියයට හතලිහකින් පමණ පහත බැස ඇතැයි උඩරට මත්පැන්හල් හිමියෝ පවසති.

Read More

මේ වසරේ නොවැම්බර් මාසයේ දී ජනපතිවරණයක් පවත්වන බවට ආණ්ඩුවේ ඇතැම් පිරිස් සිදුකරනු ලබන ප්‍රකාශ පට්ටපල් බොරුවක් බවත් ජනතා ඡන්දෙයන් පත් නොවුණු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම වසර අග ජනපතිවරණයක් කැඳවීමට ඉඩක් ව්‍යවස්ථාවෙහි නොමැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.