'දයාසිරි යනු වහින විට, අකුණු ගහනවාට එළියට දාන යකඩ කෑල්ලක් විතරයි' යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ පොල් සංවර්ධන අධිකාරියේදී අද (08දා) පැවති වැඩසටහනක් අතරතුරදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ වනවිට උද්ගතව ඇති අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටි අතර එහිදී ඇතිවූ සංවාදයෙහි කෙටි සටහනක් පහතින් වේ.
මාධ්‍ය - වැඩබලන සභාපති තනතුරට ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කරගැනීම නීතිවිරෝධියි කියලා දයාසිරි ජයසේකර මහතා කියනවා ?
අමාත්‍ය අමරවීර මහතා - කවුද දයාසිරි කියන ඒවා ගණන් ගන්නේ ? දයාසිරි කියන්නේ වහිනකොට අකුණු ගහනකොට එළියට දාන යකඩ කෑල්ලක්. එයා කියන දේවල් අපිට අදාළ නෑ.
මාධ්‍ය - එතකොට පක්ෂය ඉදිරියට ගෙනයාමට ඔබ සූදානම්ද ?
අමාත්‍ය අමරවීර මහතා - ඔව්. අපි පක්ෂය ජයග්‍රහණය කරවනවා, මෙතෙක් පක්ෂයේ තිබුණේ අඩු කිරීම් හා බෙදීම් විතරයි. ඉදිරියට තිබෙන්නේ වැඩි කිරීම් හා එකතු කිරීම් පමණයි.
මාධ්‍ය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යූඑන්පීයේ එල්ලන්න හදනවා කියලා චෝදනාවක් තිබෙනවා ?
අමාත්‍ය අමරවීර මහතා - එහෙම වෙන්නේ නෑ. මේ පක්ෂය සජබෙ එල්ලන්න සමහරු උත්සාහ කළා. අපිට අවශ්‍ය අනාගතයේ බලය ලබාගත හැකි පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නගා සිටුවීමයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සමහරුන්ට සංවිධායකකම් දුන්නේ ඔවුන්ගේ පිට උඩ තියලා අත්සන ගහලා. ඒවා තමයි පක්ෂය පිරිහෙන්න හේතු වුණේ.